
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ඇතුළු රටවල් කීපයකින් බ්‍රිතාන්‍යයට ලැබෙන අධ්‍යාපන වීසා බලපත්‍ර අයැදුම්පත් සළකා බැලීම සීමා කිරීමට සැලසුම්කර තිබෙන බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
අධ්‍යාපනය ලබන අතරතුර රැකියාවක් කිරීමට වීසා බලපත්‍රයක් රැගෙන බ්‍රිතාන්‍යයට පැමිණ වීසා කාලය ඉකුත් වූ පසු රටින් පිටව නොගොස් සරණාගතභාවය සඳහා අයැදුම් කිරීම වැඩි වශයෙන් වාර්තාවන රටවල් කීපයක වීසා අයැදුම්පත්‍ර පිළිගැනීම සීමා කිරීමට මෙලෙස බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර කර ඇත.
සරණාගතභාවය ලැබුණහොත් ජීවිතකාලයටම බ්‍රිතාන්‍යයේ රැඳී සිටීමට එම ඉල්ලුම්කරුට හැකියාව ලැබෙන බවත් එහෙයින් සරණාගතභාවය ඉල්ලන පිරිස සීමා කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබෙන බවත් එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර රත්තරන් රටක් දාලා ගිහින් වෙන රැයක සරණාගතයන් වෙනවා. අනේ මන්දා මේ මානසික තත්ත්වයන්
තියෙන අල ගෙඩියක් කාලා මේකෙම වැලලිලා පලයල්ලා .