IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


බම්බලපිටිය පොලිසියේ වහලත් හුළගෙ යයි

(ගයාන් සූරිය ආරච්චි)

කොළඹ ප්‍රදේශයට ඊයේ (29) රාත්‍රී ඇද හැළුණු අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් බම්බලපිටිය අපරාධ විමර්ශන කාර්යාලයේ වහලය ගලවාගෙන ගොස් ඇති බව බම්බලපිටිය පොලිසිය පවසයි.

බම්බලපිටිය පොලිස් ස්ථානයේ තිස්ස භට නිවාසය, ගැමුණු භට නිවාසය හා රථවාහන නිලධාරීන්ගේ භට නිවාසයේ වහලයේ සීට් ගැලවී හානි සිදුවි ඇති බව ද පොලිසිය කියයි.

බම්බලපිටිය පොලිස් ස්ථානයේ රථවාහන ගාල් කරන ස්ථානය අසල තිබූ තේක්ක ගසක අත්තක් ද පොලිස් ස්ථානයට ප්‍රවිශ්ඨ වන මාර්ගයට කඩා වැටී තිබූ අතර මේවන විට එය ඉවත් කර ඇති බව ද පොලිසිය කියයි.

අපරාධ විමර්ශන අංශයේ වහලය ගලවාගෙන යාම හේතුවෙන් ලිපි ලේඛන කිසිවකට හානි සිදුව නොමැති බවත් පොලිසිය පවසයි.

කෙසේ වෙතත් හානි සිදුවූ ස්ථාන යථා තත්ත්වයට පත් කිරීම සදහා නිලධාරීහු කඩිනමින් කටයුතු කළහ.



අදහස් (0)

බම්බලපිටිය පොලිසියේ වහලත් හුළගෙ යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 641 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2318 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1720 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site