
(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බීමතින් යතුරුපැදියක් පදවා කාන්තාවකට තුවාල සිදුකළ බව කියන බදුල්ල පොලිසියේ පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනම් කළ බව බදුල්ල දිස්ත්‍රික්ක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
වැඩ තහනමට ලක්වූ පොලිස් සැයරන්වරයා ඉකුත් (29) දින සවස 6.10 ට පමණ රාජකාරී අවසන් කර පෞද්ගලික යතුරුපැදියකින් නිවෙස බලා ගමන් කරමින් සිටියදී හාලිඇල ඉන්ධන පිරවුම්හල අසලදී මාර්ගයේ ගමන් කළ කාන්තාවකගේ ගැටී එම කාන්තාව තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කර තිබුණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන අල්කෝලයිසර් පරීක්ෂාවට ලක් කිරිමේදී මත්පැන් පානය කර සිටි බවට තොරතුරු අනාවරණය වී ඇත.
එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනමට ලක්කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය කියයි.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බීමතින් ගොස් කතට තුවාල කළ සාජන් ගෙදර