IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


බන්ධනාගරයෙන් පැන්න රැදවියා දුම්රියකින් අල්ලයි

(ඉන්දිකා  රාමනායක)

වැලිකඩ බන්ධනාගාරයේ  මිනි මැරුම් චෝදනාව යටතේ මරණීය දණ්ඩනය  නියමව  සිටි සිරකරුවෙක්  බන්ධනාගාර නිලධාරින්ගේ නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී අද  (25) පෙරවරුවේ බන්ධනාගාරයෙන් පලා ගාස්  මරදානේ දුම්රිය ස්ථානයේදී  දුම්රියක නැග සිටියදී අත්අඩංගුවට ගත්  බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සිරකරු  අද (25)  ඉරුදින   පෙ.ව.09.30ට පමණ ආගමික වැඩසටහනක් සදහා ඔහු රඳවා සිටි සිරමැදිරියෙන් පිටතට ගත් අවස්ථාවේ එම ස්ථානයෙන් සුක්ෂම ලෙස මිදී ඔහු විසින්ම සගවාගෙන සිටින ලද  බන්ධනාගාර නිළධාරියෙකුගේ නිළ ඇදුමට සමාන ඇදුමකින් සැරසී බන්ධනාගාර නිළධාරීන්ට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන දොරටුවෙන් පැන ගොස් ඇති  බව බන්ධනාගාරය මාධ්‍ය ප්‍රකාශක අතිරේක කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.

මෙම සිරකරුගේ හැසිරීම සම්බන්ධයෙන් සැක සිතූ බන්ධනාගාර නිළධාරීන් විසින් මෙම සිරකරු   ලුහුබැද  මරදාන දුම්රිය වෙත ගොස් ඇති අතර සැකකරු  එහි නවතා තිබු  දුම්රියක නැගී සිටියදි අත්අඩංගුවට ගෙන ගෙන ඇත. 

ගම්පහ මහාධිකරණය මගින් 2015.03.06 වන දින  මිණිමැරුම් චෝදනාව යටතේ මරණීය දණ්ඩනයට නියමව සිටි සිරකරුවෙක් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. 

මෙම සිරකරු පන්නල  වැවේකොටුව  , ඉහලකොටුවැල්ල ප්‍රදේශයේ පදිංචි (42) හැවිරිදි පුද්ගලයෙකු බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.

මෙම සිරකරු වැලිකඩ බන්ධනාගාරයේ සිට අධිආරක්ෂිත බූස්ස බන්ධනාගාරය මාරු කිරීමට අවශ්‍ය කටයුතු කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

 

 



අදහස් (0)

බන්ධනාගරයෙන් පැන්න රැදවියා දුම්රියකින් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 349 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site