
(යොහාන් භාසුර )
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට අයත් බස් රථයක් රැඳවියෙකු සහ එම රැඳවියාගේ පවුලේ සාමාජිකයන් සමග වැලිගම නගරයෙන් බැහැර ස්ථානයකට යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම බන්ධනාගාරයට අනියුක්තව සේවය කළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ සහ බන්ධනාගාර රියදුරෙකුගේ වැඩතහනම් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ නියාමකයන් දෙදෙනකුගේ සහ රියැදුරෙකුගේ මෙසේ වැඩ තහනම් කර ඇති බවත් පසුගිය 16 වැනිදා සිදු වූයේ යැයි කියන අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට සහායක් වශයෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බවත් එම නිලධරියා සඳහන් කළේය.
මෙම බන්ධනාගාර බස් රථය රැඳවියෙකු සමග වැලිගම දුම්රියපොළ ආසන්නව නවතා බන්ධනාගාර නිලධාරීන් රැඳවියා බස් රථයේ තබා වැලිගම නගරයේ වෙළෙඳසැල් වෙත ගොස් කිසියම් භාණ්ඩ මිලදී ගෙන ඇති බවත් පසුව එම ස්ථානයෙන් අදාළ බස් රථය පිටව ගොස් ඇති බවත් වාර්තා වී ඇති බවත් එම නිලධාරියා කීය.
එම අවස්ථාවේදී බන්ධනාගාර බස් රථය තුළ කිසියම් කන්තාවක් හා කුඩා දරුවකු සිටි බවට වාර්ථා වූ බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
(ඡායා -කඹුරුගමුව- තරංග ගුණරත්න)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දේවල් වලට කිසිමදාක සමාවක් දිය යුතු නැහැ. කරලා තියෙන්නේ රැඳවියෙකුගේ ජීවිතය අනතුරේට හෙලන භයානක ක්‍රියාවක්. විරුද්ධවාදියෙක් ආවෙයි කියලා රැඳවියාව ඝාතනය කරලා ගියොත්, මොකද වෙන්නේ . කොහෙහරි අඩුපාඩුවක් හෝ වැරැද්දක් අල්ලගන්න බලන් ඉන්න විරුද්ධ පක්ෂය මෙවැනි වැඩවලටත් උඩ පැන පැන ආණ්ඩුවට දොස් කියයි.
මෙවැනි නිලධාරීන් ඉන්නකන් මොන ආණ්ඩු ඇවිල්ලත් වැඩක් නෑ. සල්ලි වලට ඕන දෙයක් කරලා දෙනවා.