IMG-LOGO

බාධා කල්ලි ඔක්කොම පරාජය කරනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කල්ලි කණ්ඩායම් අටවාගෙන ආණ්ඩුවේ ගමනට කරන බාධා සියල්ල පරාජය කරන්නට රජය සූදානම් බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අද අප සාකච්ඡා කරන්නේ පසුගිය ආණ්ඩුව  විසින් ගෙනා පනතකට සංශෝධනයයි.එදා ගෙන ආ පනතේ අඩුපාඩු සැකසීම සඳහා මෙම සංශෝධන ඉදිරිපත් කර තිබෙනවා. ඒ කාලේ ඩේටා හැංගුවට දැන් දත්ත හංගන්න බෑ. ඒ කාලේ හංගගෙන සෙල්ලම් කලාට දැන් එහෙම හංගන්න බෑ. 

කිසිම දත්තයක් පදනම් කරගන්නේ නැතිව රට කරපු නිසා ජනතාව වින්ද දුක අප දන්නවා.පසුගිය කාලයේ අප හෙළි කළේ පෞද්ගලික දත්ත නොවේ. පොදු ජනතාවගේ දේපොළ බදු මුදල් වංචා කලා නම් ඒවා රටේ ජනතාවට දැනගන්න අයිතියක් තිබෙනවා.ඉතිහාසයේ බොහෝ දේවල්  වහගෙන තිබුණා.අපට මේ රටේ ජනතාව සමඟ බැඳිච්ච අයිතියක් තිබෙනවා. මේ රටේ ජනතාවගේ රැකිය යුතු පෞද්ගලිකත්වය රකින්න නීති රීති අප සම්මත කරගන්නවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (5)

බාධා කල්ලි ඔක්කොම පරාජය කරනවා

මහසෙන් Tuesday, 03 June 2025 05:02 PM

දේශපාලන විහිළු කරුවෙක් බව දන්නවා. හැමතිස්සේම ඒක පෙන්වන්න එපා...

:       0       0

මාලිමාගැත්තා Tuesday, 03 June 2025 06:34 PM

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් සහ කිසිම පරීක්ෂාවකින් තොරව රේගුවෙන් පන්නපු බහාලුම් හැර අනිත් සියල්ල ජනතාවට හෙළි කරනවා. ආණ්ඩු මාරු වුණු දවසක ඉතිරි ඒවා හෙළි වේවි. මාලිමාවට ජය වේවා .

:       0       0

Gamini Wednesday, 04 June 2025 12:37 AM

ඔව්, ඉතින් ඔයාලා විද්ද මත ධාරීන් නිහඬ කරන්න හොඳට දන්නවානේ

:       0       0

janahitha Wednesday, 04 June 2025 10:18 AM

මලීමාවට බැරි බැරි ගාය හැදිලා, කුරෝලු වෙලා හොරු අල්ලන්නත් හිමින් … හොරකම් කරන්න දන්නෙත් නැහැ… වැඩක්ම නැහැ.

:       1       1

Dayasena Wednesday, 04 June 2025 02:02 PM

1971 සිට පැවති රජයන් එක් එක් රජයන් කළ දේ අවලංගු නොකර බාධා කල්ලි ඔක්කෝම මර්දනය කළා නම් ඔහොම කියන්න පිරිසක් බේතකටවත් සොයාගන්න බැරිවේවි... එනිසා එකිනෙකා කුලල්කාගනිමින් හිටපු එවුන්ට පිංදීපල්ලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1732 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 571 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 661 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site