
(රෝෂන් තුෂාර)
රුපියල් හැටහතතර ලක්ෂයකට අධික (6443716.71) බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරිමේ චෝදනාවට වැරදිකරු වූ සමාගම් අධ්‍යක්ෂවරයෙකුට මාස හයක ලිහිල් වැඩ සහිතව සිර දඬුවම් නියම කළ කොළඹ දිසා අධිකරණය එම බදු මුදල සමාන වාරික 24කින් රජයට ගෙවන ලෙසට අද (24)නියෝග කළේය.
ඒ එම් හෝල්ඩින් පුද්ගලික සමාගමේ ප්‍රධාන හවුල්කරුවකු වන ඩී ගුණවර්ධන නැමැති වගඋත්තරකරුට මෙම නියෝගය නිකුත් කළේය.
දේශීය ආදායම් කොමසාරිස් වරයා විසින් 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 179(1) සමග කියවිය යුතු 2009 අංක 9 දරණ ජාතිය ගොඩනැගීමේ බදු පනතේ ප්‍රකාරව මෙම නඩුව පවරා තිබිණි .
2012, 2013 2014 වර්ෂයට අදාළව බදු නොගෙවීමට එරෙහිව පවරා තිබූ නඩුව සලකා බැලීමෙන් පසුව බදු මුදල් දඩයක් ලෙස රජයට ගෙවන ලෙසද එසේ නොමැති නම් මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවම් නියම කරන බවද දිසා විනිසුරුවරයා නියෝග කළේය .
වගඋත්තරකරුට දඩයක් ලෙස ගෙවීමට නියම කළ මුදල් කොටස් වශයෙන් ගෙවීමට ඉඩ සලසා දෙන්නැයි ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව දිසා විනිසුරුවරයා මාසිකව රුපියල් 268488.19 බැගින් වසර දෙකක් ඇතුලත දඩ මුදල් ගෙවීමට වගඋත්තර කරුට අවසර ලබා දී සිර දඬුවම අහෝසි කළේය.
දේශීය ආදායම් කොමසාරිස් වරයා වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙනී සිටි අතර වග උත්තරකරු වෙනුවෙන් නීතිඥ ධනසේන මහතා පෙනී සිටියේය .
2025 දෙසැම්බර් මස 30
30
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂ වසර හයක් සිරගෙට
Randula Thursday, 24 October 2024 10:23 PM
නීතිමය වශයෙන් නොගෙවූ මුදලම ආපසු ගැනීම සාධාරණ වුවත්, බදු නොගෙවූ වසර වලට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය නිසා සිදුවූ සැබෑ හානිය නම් ඊට වැඩියි නේද?
KARUමයාFriday, 25 October 2024 08:16 PM
මස් රාත්තලම ඉල්ලපු ශයිලොක් හිටියේ පරණ නවකතාවක නේ. මේක Exemplary තීන්දුවක් හැටියට දෙපැත්තම බලලා දුන්නා වගේනේ පේන්නේ. නිකං ඉන්න අපි බලලා ගියත් ඇති කීයක වයස පනින අහිංසකාවියක් කීවලු. ලූණු බිකත් බඩට කියලා තව කතාවක්. ඔය මදෑ. දකින අය ආදර්ශයට ගත්තොත් ගොඩ...
ගුණරත්න Friday, 25 October 2024 08:20 AM
හුරේ, අන්න එහෙමයි අපේ අලුත් ආණ්ඩුව වැඩ පෙන්වන්නේ...! පල්හොරු හිරේ, බදුහොරු හිරේ...