IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


බටලන්ද හැදුවේ තෙල් පිරිපහදුව රකින්න

(අංජුල මහික වීරරත්න)

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකය බටලන්ද කඳවුර ස්ථාපිත කිරීමට ප්‍රධාන හේතුව  බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට නගා ඇති චෝදනාව වන්නේ බට ලන්දේ නිවාස කිහිපයක් හමුදාවට ලබාදීම පමණක් බවද විජයවර්ධන මහතා කීය.

මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් රුවන් විජයවර්ධන මහතා මෙසේද පැවසීය.

බට ලන්ද වාර්තාවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනාවක් තිබේ නම් ඒ තිබෙන්නේ එහි නිවාස කිහිපයක් හමුදාවට ලබාදීම සම්බන්ධයෙන් පමණයි.

එකල භීෂණ සමයේ සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපති ඝාතනය කළා.එවැනි තවත් ඝාතන සිද්ධි රැසක් වාර්තා වී තිබුණා.

එවැනි වකවානුවක තමයි රනිල් බියගම සංවිධායක ලෙසත් ඇමතිවරයෙක් ලෙසත් එම ප්‍රදේශයට ආරක්ෂාව දීමට සහ විශේෂයෙන්ම තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකය නිසා බටලන්දේ හමුදා කඳවුරක් ස්ථාපිත කරනු ලැබුවේ.

එතනට හමුදාවෙන් ගෙනාවේ තර්ජනයට මුහුණ දීමට පමණයි.ඒ හැර කොමිසමෙන් එතුමාට කිසිම චෝදනාවක් නැහැ යනුවෙන්ද රුවන් විජයවර්ධන මහතා කීය.



අදහස් (1)

බටලන්ද හැදුවේ තෙල් පිරිපහදුව රකින්න

pakeer Saturday, 12 April 2025 02:17 PM

මේ පාර උසාවියෙන් ඒක තීරණය කරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 743 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site