
(සුජිත් හේවාජුලිගේ)
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන්ගේ ක්ෂේත්‍ර භෝග වගාකරුවන්ගේ බෝග ගබඩා කිරීම සඳහා රුපියල් කෝටි නවයක් පමණ වැය කර දිස්ත්‍රික්ක හයක ඉදිකළ ගබඩා එකොළහක් ගොවි ජන සේවා මධ්‍යස්ථාන වෙත පවරා දී තිබුණත් ඒවා භාවිත කර නොතිබුණු බව විගණන වාර්තාවල දැක්වේ.
මේවා ඉදිකර ඇත්තේ ලෝක බැංකු ආධාර යටතේය.
අවශ්‍යතා හඳුනාගැනීමෙන් තොරව ගබඩා ඉදිකිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවුණු බව එම වාර්තා සඳහන් කරයි.
එසේම අනුරාධපුර මැදවච්චිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ රුපියල් ලක්ෂ විසිහතරකට වැඩි මුදලක් වැය කර ඉදිකරන ලද ගබඩාවේ කටයුතුද තවදුරටත් අවසන් කර නොතිබුණු බව පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවශ්‍යතාව කුමක් උනත් කොන්ත්‍රාත් කාරයෙකුට සල්ලි ටිකක් ලැබෙන ක්‍රමයක් තිබුණම ඇති, එහෙමයි කලේ, රටේම ජනතාව බොරු වියදම් වලට ගෙවපල්ල
නිකන් වහලා දාන්නේ නැතුව ගමේ තරුණ ප්‍රජාවට ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ලෙස භාවිතා කරන්න කටයුතු කරන්න. වොලිබෝල්, මේස බැඩ්මින්ටන්, බැඩ්මින්ටන්, කරාතේ, ජූඩෝ වැනි ක්‍රීඩා සඳහා භාවිතා කරන්න පුළුවන්. වැඩි වියදමක් යන්නේත් නැහැ. තරුණ ප්‍රජාව ක්‍රීඩාවට යොමු කරලා මත් රකුසාගෙන් බේරාගන්නත් පුළුවන් වෙයි.