
(යොහාන් භාසුර)
බංග්ලාදේශ ක්‍රිකට් පිලේ දැන් පැවැත්වෙන තරග සංචාරය වාර්තා කිරීමට මෙරට පැමිණ සිටින මාධ්‍යවේදීන්ට සංචාරක වීසා නිකුත් කිරීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.
තරගාවලිය අවසන් වීමට පෙර වීසා කාලය අවසන් වීමෙන් බොහෝ මාධ්‍යවේදීන්ට විස්සයි20 තරගාවලිය ආවරණය කළ නොහැකි තත්වයක් ඇති වී තිබෙන බවත් බොහෝ මාධ්‍යවේදීන්ට දින 14 සහ දින 21 සංචාරක වීසා නිකුත් කර ඇති බවත් ඔවුහු පවසති.
මෙවැනි තරගාලියක් සඳහා වීසා නිකුත් කිරීමේදී වෙනත් රටවල් තරගාවලිය පැවැත්වෙන කාලය අනුව වීසා නිකුත් නිකුත් කළ ද ශ්‍රී ලංකාව ඒ පිළිබඳව අවදානය යොමුකර නොමැති බව කියන බංග්ලාදේශ මාධ්‍යවේදීහූ ඒ හේතුවෙන් වීසා දීර්ඝ කරගැනීමට නැවත කාලය ගතකිරීමට සිදුව ඇති බව ද පවසති.
මෙම වීසා ගැටලුව පිළිබඳව කළ විමසුමකදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා පැවසුවේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුව බංග්ලාදේශ මාධ්‍යවේදීන්ට වීසා නිකුත් කළ බවත් වීසා කාලය අවසන් වී සතියක් ගතවීමට පෙර දඩ මුදල් ගෙවීමකින් තොරව වීසා දීර්ඝ කරගත හැකි බවත්ය.
බංග්ලාදේශ මාධ්‍යවේදීන් කීපදෙනෙක් වීසා දීර්ඝ කරගැනීමට එම දෙපාර්තමේන්තුවට අද දිනයේ පැමිණි බව ද මහේෂ් කරුණාදාස මහතා වැඩි දුරටත් කීය. බංග්ලාදේශ මාධ්‍යවේදීන් 40 ක් පමණ මෙම තරගාවලියට වාර්තා කිරීමට පැමිණ සිටිති.
මාසයක පමණ කාලයක් පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය පසුගිය ජූනි මස 17 වැනිදා ආරම්භ වූ අතර අවසන් විස්සයි20 තරගය ලබන 16 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට කියන්නේ නොහැකියාව...අම්මප..
ජාත්‍යන්තරය පිළිගෙන ඇති ක්‍රමවේදයක් අනුගමනය කරන්න... දැන්වත් යාවත්කාලීන වෙන්න.. යල්පැන ගිය මෙලෝ දැනුමක් නැති අකාර්යක්ෂම ක්‍රම වේද ඉවත් කරන්න
දෙයියන්ගේ නාමෙට දැන්වත් ලෝකයේ සාමාන්‍ය ක්‍රංවේදයට පළමු සංචාරක වීසා එක, මාස තුනකට දෙන්න. ඊට පස්සේ පුලුවන් ලංකාවේ තවත් ඉන්න හිතුනොත් කොළඹ ඉමිග්‍රේෂන් එකේ හපුටු මූණු බල බලා වීසා දික් කරගන්න සම්පූර්ණ දවසක් කාබාසිනියා කරගෙන. හරිනම් දෙවෙනි දීර්ඝ කිරීමත් මාස තුනක් දෙන්න ඕන ඉමිග්‍රේෂන් නොගිහින් ඔන්ලයින් හරහා. මාස 6 ට වාඩි වෙනකොට නම් කොළඹට එන්න ඕන කිව්වට කමක් නෑ. සංචාරකයෝ මිලියන දෙකක් නෙවෙයි 3 ක් එයි.