
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
ඩබ්ලිව් කේ ජයලත් මහතා වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට දකුණු පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිපති ලෙසද , කේ ඒ රෝහණ මහතා නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසද , මහේෂ් සේනාරත්න මහතා දකුණු පළාතක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ඌව පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසද , කේ පි කරුණා නායක මහතා ඌව පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට විශේෂ ආරක්ෂණ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙසද , එස් ද සිල්වා මහතා කිරිනොච්චියා මූලික වූ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටු කිරීමේ සිට විශේෂකාර බලකායේ අණදෙන නිලධාරී තනතුරේ රාජකාරී ඉටු කිරීම සඳහා , එස් ඩි . විජේසේකර මහතා බවුනියාව හා මන්නාරම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටු කිරීමට අමතරව කිලිනොච්චියා මූලික වූ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටු කිරීම සඳහා පත්කර ඇත
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ඉහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත මෙම මස 12 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාකරණය....
කීප දෙනෙක් මුලින් හිටපු පළාත්වලටම උසස් වීම් සහිතව...