(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිරු නාලිකාවේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ලවුණු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා  පිළියන්දල පොලිසියට කැඳවා සිටි  ශ්‍රි ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා  මහත්මිය  මීට සුළු මොහොතකට පෙර  පිළියන්දල පොලිසියට පැමිණියාය.

 තමන්   අද  සවස  3.00ට පිළියන්දල පොලිස් ස්ථානය පැමිණෙන බව පුෂ්පිකා ද සිල්වා මහත්මිය දැනුම් දී ඇති බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඉකුත් 23 පොලිසිය   ඇය කැඳවා තිබු අතර එදිනට පැමිණිය නොහැකි බවත්, වෙනත් දිනයක පැමිණෙන බවට   පුෂ්පිකා ද සිල්වා මහත්මිය සිය නීතිඥවරුන් මගින් පොලිසියට දැනුම් දුන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ඇය නීතිඥවරුන් සමග මීට මද වෙලාවකට පෙර පිළියන්ද පොලිසිය වෙත පැමිණ සිටියාය.