(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය  අධ්‍යයනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීම අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් මතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි අදාල කාරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය විකෘති තීරණයක් බවයි.  එම තීරණය  කාන්තාවන්ගේ අයිතිවාසිකම් වලට අභියෝග කරන බවද ජනාධිපතිවරයා කීය.

පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවත් ජනාධිපතිවරයා  පාර්ලිමේන්තුවේදී කීය.