
(විමුක්ති එස් රුද්‍රිගු)
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහාර එල්ල කළ බව එරට හමුදාව චෝදනා කළේය.
යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ඩ්‍රෝන 96 න් 89 ක් සාර්ථකව විනාශ කර දැමූ බවද යුක්රේන හමුදාව පැවැසුවේය. රුසියාව ප්‍රකාශයට පත්කළ සටන් විරාමය ඔවුන් විසින්ම කඩකර දැමූ බව යුක්රේන හමුදාව චෝදනා කළේය.
එම චෝදනාවලට පිළිතුරු දෙමින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියේ රුසියාව සටන් විරාමය ප්‍රකාශයට පත්කළ කාලය තුළදී එය අකුරටම පිළිපැද්ද නමුත් මේ වනවිට නැවත රුසියාවේ යුද මෙහෙයුම් ආරම්භ වී තිබෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඒ අහිංසක රට කවදාවත් එහෙම කරන්නෑ. වල්ගා තරුවක්, දෙකක් වෙන්න ඇති...