
(චාපා මධුභාෂිණී)
පොළොන්නරුව තෝපාවැව විද්‍යාලයේ ක්‍රිකට් තරගාවලියක් නැරඹීමට ගිය පලුගස්දමන මහා විද්‍යාලයේ සිසුවකුගේ හිස මතට පාපන්දු ගෝල සැකිලක යකඩ බටයක් කඩා වැටීමෙන් සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බීඕපී 317 අංක 246, තල්පොත ලිපිනයේ පදිංචි එම්.කේ.ජී. දෙනුවන් සේනාරත්න නමැති පලුගස්දමන මහා විද්‍යාලයේ හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.
සිය වැඩිමහල් සොහොයුරියගේ පුහුණුවීම් ක්‍රිකට් තරගාවලියක් නැරඹීමට සඳහා මව ද සමග සමග මෙම දරුවා තෝපාවැව මහා විද්‍යාලයට ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ක්‍රිඩා පිටියේ මැදට වන්නට මෙම පාපන්දු ගෝල සැකිල්ල රඳවා තිබී ඇති අතර තරගාවලින් පැවැත්වීම සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පිරිසක් එක්ව මෙම පාපන්දු ගෝල සැකිල්ල ඔසවාගෙන යමින් සිටියදී දිරාපත්ව තිබූ ස්ථානයකින් යකඩ බටයක් කැඩී මෙම දරුවා මතට කඩා වැටී ඇතැයි මෙතෙක් සිදු කළ මූලික පරික්ෂණවලින් අනාවරණය වූ බව ද පොලිසිය සඳහන් කරයි.
සිසුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ සමාර්ථ ලබාගත් සිසුවක් බව සඳහන් වන අතර දරුවාගේ ශරීරයේ කොටස් වෙනත් ආබාධිත දරුවකුට ලබා දීමට මවුපියන් කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වේ.

(චාපා මධුභාෂිණී)
පොළොන්නරුව තෝපාවැව විද්‍යාලයේ ක්‍රිකට් තරගාවලියක් නැරඹීමට ගිය පලුගස් දමන මහා විද්‍යාලයේ සිසුවකුගේ හිස මතට පාපන්දු ගෝල සැකිල්ලක් කඩා වැටීමෙන් අනතුරට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ බීඕපී 317 අංක 246, තල්පොත ලිපිනයේ පදිංචි එම්.කේ.ජී දෙනුවන් සේනාරත්න නමැති පලුගස් දමන මහා විද්‍යාලයේ හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.
සිය වැඩිමහල් සොහොයුරියගේ පුහුණුවීම් ක්‍රිකට් තරගාවලියක් නැරඹීමට සඳහා මව ද සමග සමග මෙම දරුවා තෝපාව මහා විද්‍යාලයට ගොස් ඇත.
දරුවාගේ හිසට බරපත තුවාල සිදුව ඇති බැවින් තරමක බරපතල තත්වයක් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

COMMENTS
මම දන්නා පාසලක ළමයෙක් මැරුණා. ඔහොම අලුත්ම තාප්පය යටවෙලා. ඉස්කෝලේ ප්‍රින්සිපල් වගේම කොන්ත්‍රාත්තුව ගත්තු කෙනාත් නිදහස් පක්ෂයේ දැන් පොහොට්ටුවේ සමාජිකයෝ. හදපු තාප්පය තීරණය කරපු මිලට වඩා ගොඩාක් අඩුවෙන් බාල විදියට හැදුවේ. අන්තිමට නඩුවත් යට ගියා...!
මේ තරම් ඉංජිනේරු මහත්වරු ඉන්න රටේ පාසල් පරීක්ෂා කරලා අවදානම් ස්ථාන අඳුරාගෙන ඒවා පිළිසකර කරන්නේ නැත්තේ ඇයි? පාසලේදී අනතුරු වෙලා එක ළඟ දරුවන් කිහිපදෙනෙක් මිය ගියා. එක ඉතාම නරක දෙයක්...
පුතණුවනි, ඔබට නිවන් සැප ලැබේවා. අකල් මරණයකට මින් මතු ගොදුරු නොවේවා...!