
(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටියට ලබා දුන් ශික්‍ෂණ රෝහල හා මහාචාර්ය ඒකකය රැකගැනීමට අපොහොසත් වුයේ යැයි චෝදනා කරමින් කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී ඉඳුනිල් කුමාරතුංග මහතා අද පැවති ප්‍රදේශීය සභා සැසියට චීත්තයකින් හා හැට්ටයකින් සැරසී පැමිණියේය.
ශික්ෂණ රෝහලට සහ මහාචාර්ය ඒකකය රැක ගන්නා බවට ජනතාවට මැතිවරණයට පෙර පොරොන්දු වූ බවත් එවන් තත්ත්වයක් තුළ එම ඒකකය රැක ගැනීමට අපොහොසත් වීම නිසා ජනතාවට ඉදිරියට පිරිමියකු සේ ඇඳ යා නොහැකි බව ද ඉඳුනිල් මන්ත්‍රීවරයා චෝදනා කළේය.
ප්‍රාදේශීය සභා මාසික රැස්වීම ආරම්භවීමට පෙර පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරු රැසක් එක්ව කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නරත වූහ.
එම නිසා ඉදිරියේදී අමුඩ ඇඳ හෝ මෙම රෝහල රැක ගැනීමට කටයුතු සිදුකරන බව එම ස්ථානයට රැස්ව සිටි මන්ත‍්‍රී කණ්ඩායම පැවසීය.



COMMENTS
සර්ටත් ඇන්දුවා නම් නේද හොඳ?
මෙහෙම කරලා අපේ සර්ව අපහසුතාවයට පත් කරන්න එපා..
කොහොමත් කුලියාපිටියේ මිනිස්සු ගැහුණු වගේ තමයි.
කමක් නෑ. ඔය රෙද්දත් ඉස්සරහට නැතිවෙනවා. ඔහොම යං..
අකිල පරද්දපු කුලියාපිටියේ මිනිස්සුම අද තමන්ගේ දෑතින් නිර්මාණය කරපු පොහොට්ටු පක්ෂය විසින්.., ඔවුන් ජවය දීලා නිර්මාණය කළ ආණ්ඩුව, තමන්ගේ කටින්ම කියලා කුලියාපිටියේ මිනිස්සුන්ගෙන් ඉල්ලා දුන්නු මනාපයට, ඒ ලබාදුන්න බලය විසින්ම තමන්ව නිරුවත් කර ඇති බව අද පිළිගන්නවා... මේ සියලු සම්පත් කුලියාපිටියට ගෙනාවේ හිටපු අමාත්‍ය අකිල විරාජ් මැතිතුමා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරුණ, තරුණියන්ට ලබා දුන්නු ඒ රැකියා ප්‍රමාණය නිසා අද කුරුණෑගල දිස්ත්‍රික්කයේ සහ මුළු රටේම කී දාහකගේ අද බඩගින්න නිවෙනවද.? යහපාලන ආණ්ඩු සමයේදී හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයට ලබාදුන් සම්පත් වන කුලියාපිටිය වෛද්‍ය පීඨය, ශික්ෂණ රෝහල, මහාචාර්ය ඒකකය, තාක්ෂණික හා ඉංග්‍රීසි අධ්‍යාපන විද්‍යා පීඨ, තාක්ෂණ විද්‍යා පීඨයන්.., නාගරික පුස්තකාලය, ශ්‍රවණාගාරය අද වත්මන් ආණ්ඩුවේ අනුන්ගේ ඒවා උස්සා සතුටුවෙන ඇතැම් ඇමතිලා උස්සන් යනවා.. ඇත්තටම අකිල විරාජ් වැනි නායකයින්ව ඔයිට වඩා ඉහළට එසෙව්වා නම් අද සමස්ථ රටම මෙහෙම විඳවන්නේ නැත. අප දෑස් ඉදිරියේ මේ මැවෙන්නේ ඒ යථාර්තයයි. අප මේ දකින්නේ රාජපක්ෂ දේශපාලනයේ ගඳගහන සත්‍යයයි.
කරන තරමක් කරන්නේ ගෑණු වැඩ හින්දා ... ඕක තමයි හොඳම ඇඳුම දේශපාලුවන්ට..
වෛද්‍ය පීඨයක් හදන්න විශාල රෝහලක් අවශ්‍යයි. නමට ශික්ෂණ කෑල්ලක් දැම්මට රෝහල් ශික්ෂණ රෝහල් වෙන්නේ නෑ. මෙතෙක් සියලුම වෛද්‍ය පීඨ හැදුවේ කලින් පැවති විශාල රෝහල් යොදාගෙන. රෝහල් හදලා වෛද්‍ය පීඨ හදපු වෙන තැනක් නෑ...
ඔය විදිහට පොරොන්දු කඩ වුණාම ඉදිරියට හැමෝම රෙදි හැට්ට් ඇඳගෙන එනවාද?