
( ප්‍රසාාා රුක්මල්)
උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දුම්රිය බිංගෙය අසල දී මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ සීග්‍රගාමි විශේෂ දුම්රියේ ගැටුන පාසල් මුරකරුවෙකු ඊයේ (13) රාත්‍රි මියගිය බව බදුල්ල පොලිසිය පවසයි .
බදුල්ල දෙයියන්නේවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි බදුල්ල ඌව මහ විදුහලේ පාසල් මුරකරුවෙකු ලෙස සේවය කල මොහොමඩ් මසාර්හිර් (39) නැමති අය මෙසේ මියගොස් ඇතැයි පොලිසිය කීය .
මොහු බදුල්ල දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි අමුනුවැල්පිටිය ප්‍රදේශයේ දුම්රිය බිංගෙය අසලින් ගමන් කරමින් සිටියදී මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ විශේෂ සීග්‍රගාමි දුම්රියේ ගැටි ඇති බවත් පොලිසිය සදහන් කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd