
(රංජන් කස්තුරි)
පාසල්වල ජල බිල්පත් ගෙවීමේදී එක් ශිෂ්‍යයකුට මසකට ලීටර් 400 ක් වැය වෙතැයි සම්මතය කොට රජය මුදල් ගෙවන බවත් ඉන් වැඩිවන සෑම බිල්පතක් සඳහාම පාසල මගින් මුදල් සොයා ගත යුතු බවත් සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ජල තටාක සහ වෙනත් අවශ්‍යතා සඳහා ජල සැපයුම සම්බන්ධතා ලබාගෙන නැත්නම් ඒවායේ බිල්පත් පාසල මගින් ගෙවිය යුතු බවද එම චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.
පාසල්වල පිහිටි විදුහල්පති නිවාස ගුරු නිවාසවල ජල බිල්පත් ඒවායේ පදිංචිකරුවන් විසින් ගෙවිය යුතු බවද එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඒ අනුව පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ගුරු මණ්ඩලය සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ එක් පුද්ගලයකුට දිනකට ජලය ලීටර් විස්සක් වැය වෙතැයි ගණනය කොට දින විස්සක් සඳහා එනම් මසකට ලීටර් 400 ක් සදහා පමණක් රජයේ මුදලින් බිල්පත් ගෙවන බවද එම චක්‍රලේඛයේ සඳහන් කර තිබේ. මින් ඉදිරියට පාසල්වලට ජල බිල්පත් ලැබීමේදී රජයේ ගාස්තුව සහ අමතර ගාස්තුව යනුවෙන් කොටස් දෙකකින් යුතුව බිල්පත නිකුත් කිරීමට නියමිත අතර අමතර ගාස්තු යටතේ ඇති මුදල පාසල් සංවර්ධන සමිතියේ අරමුදලින් ගෙවිය යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් නිකුත් කර ඇති එම චක්‍රලේඛයේ සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ කෙළවරක් නැතුව ගහන බදු වලින් දරුවෝ ටිකවත් බලා ගන්න බැරි නම් පලය කුමක්ද?
මම කියන්නේ පාසල් වල ජලය කළමනාකරණය කරන්න දිරිමත් කරන්න ඕනේ. හැබැයි පන්සල් පල්ලි කෝවිල් වලට නම් ආධාර මුදල් තියෙනවා. හැබැයි දුප්පත් පාසල් වලට එහෙම නෑ. (ගමේ දුප්පත් පන්සල් පල්ලි ගැන නෙමෙයි කියන්නේ තරු 5 කෝටි ගානක් සල්ලි ගැවසෙන පන්සල් පල්ලි ගැන)
අජ්ජාපන පෙතිසංස්කරණව සහෝ. කෝ මේ රෙදි නැතිව රෙදි හෝදන ඩෝබිලා
අවුරුදු හැත්තෑවක් මාරුවෙන් මාරුවට හොරකම් කෙරුව කල්ලීවල කසළ ශෝධකයන් හිතාගෙන ඉන්නේ නොමිලේ අධ්‍යාපනයට කෙලවරක් නැතුව ජල සැපයීමත් ලබා දිය යුතුයි කියලා වෙන්න ඇති.පැය හයක් පාසල තුල ගත කරන දරුවෙකුට දිනකට ජලය ලීටර් විස්සක් ඇති කියලා අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරන්න ඇත්තේ අනිවාර්යයෙන්ම ඒ පිළිබඳ විශේෂඥ මතය විමසීම පසුව විය යුතුයි. ඒ වගේම නොමිලේ ලැබෙන නිසා පාසල් හා රජයේ කාර්යාල දුම්රිය පොළවල් වැනි ස්ථාන වල ජලය විදුලිය හා දුරකථන වැනි පහසුකම් වැනි දැ නාස්තිය අවභාවිතය ජයටම වෙන බවත්, ඒවා මෙතෙක් කලක් රට පාලනය කෙරුව කාපාලුවන්ට ප්‍රශ්ණයක් නැති උනාට අරපිරිමැස්මෙන් හා වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයකට බලා සිටින්න අපහසු කාරණයක් බවත් ඔවුන්ට නොවැටහීම එක අතකින් පුදුමයට කරුණක් නොවේ!
එක පුද්ගලයකුට ලීටර් 20 ක් දවසකට ඇති නේද?