
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
පාස්කු ප්‍රහාරය තවදුරටත් දේශපාලන සංවිධානවල බයිට් එකක් කරන්න ඉඩ දෙන්නේ නැතැයි අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායකාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමිනි.
"මේ පාස්කු ප්‍රහාරයේ සිදු වුනේ අනුර දිසානායකගේ වරදින්ද කියා විපක්ෂයේ උදවිය කතා කරන විදිය දකිනකොට දැන් හිතෙනවා.මේක උනේ අපේ අතින්ද කියලා හිතාගන්න බැරි තත්ත්වයක් දැන් තියෙනවා.මේක වෙනකොට කැබිනට් ඇමතිලා වී සිටි උදවිය දැන් එහා පැත්තෙ ඉන්නවා.
විපක්ෂ නායකතුමා දෙන උපදෙස් ඒ කළේ සිදු නොකළේ ඇයි? කොහොම වුනත් අපි හරියට පරීක්ෂණ කරනවා. අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සඳහා මේ වන විට කැබිනට් කාර්යාලයක් පිහිටුවා තිබෙනවා.එය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම සඳහන් කර තිබුණා. යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
2025 නොවැම්බර් මස 04
473
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2222
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාස්කු දේශපාලන බයිට් එකක් කරන්න ඉඩ දෙන්නේ නෑ
ගුණරත්න Wednesday, 09 July 2025 03:31 PM
ඉබ්‍රාහීම් නානා කියන්නේ කවුද කියලා අහලා නැතිව ඇති මගෙහිතේ...
අරවින්ද මොණරවිල Wednesday, 09 July 2025 04:17 PM
පාස්කු ප්‍රහාර වෙන බව දැන දැනම නිශ්ශබ්දව සිටි සජබ තක්කඩි රැළ දැන් කිඹුල් කදුළු හෙලනවා රට රවටන්න.
පන්සිළු Wednesday, 09 July 2025 04:33 PM
මෙයාලාමනේ ඒක හොඳ රස බයිට් එකක් කරගත්තේ. පවු අරයත් හොඳටම ලණුව කෑවා. මාලිමාවේ බොරු ලොරියේ තවත් එක බොරුවක් තමයි මේ. ඩෝබිලා කලබල වියයුතු නැත.
DineshWednesday, 09 July 2025 06:10 PM
2024 වෙනකම් මේකෙ විමර්ශන හරියට නොකළ අය, දැන් උපදෙස් දෙනවා කරන්න ඕන විදිහ...
Nelu Wednesday, 09 July 2025 08:10 PM
ඊබ්‍රහිම් නානා ගැන මොකද කරන්නේ...? එයා ජේවීපී ලැයිස්තුවේ හිටියේ කොහොමද? ඒකත් හොයනවාද?
Shehan Thursday, 10 July 2025 10:16 AM
පාස්කු ප්‍රහාරය දේශපාලන බයිට් එකක් කරගෙන ඒ පිටින් කතෝලික ඡන්ද ගත්තු අයම දැන් කියනවා වෙන අයට බයිට් එකක් කරගන්න දෙන්නේ නැහැ කියලා. ඔයාලා ඒක තනියෙන්ම තියාගන කන්නද හිතන්නේ. බොරු කියනවා කියලා හිතනවා නම් හොයලා බලන්න කළුතර ආසනයේ කළමුල්ල කටුකුරුන්ද වගේ කතෝලික ඡන්ද වැඩි පැතිවලට සුදු කඩදාසියේ රතු අකුරින් ගහලා 2025 නොවැම්බර් මහා මැතිවරණයේදී බෙදූ ඡන්ද පොරොන්දු මොනවාද කියලා...
prasanna Thursday, 10 July 2025 03:05 PM
ඒක සම්පූර්ණ ඇත්ත. කතෝලික ජනතාව ඕක ඔබතුමන්ලාගේ ඩයට් එකක් වෙන්න ඉඩ තියන්නෙත් නැහැ. බයිට් එක කොහොම වුණත්...