
(මහේෂ් කිර්තිරත්න)
මාතලේ කොහොලන්වල ප්‍රදේශයේ අක්කර 20ක පමණ විශාල පොල්වත්තකට අනවසරයෙන් ඇතුල් වි පොල් සොරකම් කරමින් සිටි දෙනෙකුට වත්තෙහි මුරකරු අද (02) කළ වෙඩි තැබිමේදි එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව මහවෙල පොලිසිය කියයි.
තුවාල ලැබු පුද්ගලයා මේ වන විට මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.
තුවාලකරු සහ තවක් අයෙකු විසින් මෙම පොල් සොරකමේ ගොස් ඇති අතර වත්තේ මුරකරු විසින් සිදු කළ වෙඩි තැබිමේදි එක් පුද්ගලයෙකු මෙසේ තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.
වෙඩි වැදුණූ පුද්ගලයා කොහොාලන්වල මාර්ගය අසළ වැටි සිටියද ප්‍රදේශවාසින් විසින් අදාළ පුද්ගලයා රෝහල් ගත කර ඇති බවද පොලිසිය කියයි.
මෙම වෙඩි වැදුණූ පුද්ගලයා මිට පෙරද පොල්වත්තට ඇතුළු වි පොල් සොකරම් කර ඇති බවට පොලිසියට පැමිණිලි ලැබි තිබෙන බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වඳුරන්ට පසු රටේ ලොකුම වගා හානිය සිදු කරන්නේ මේ පල් හොරුන් විසිනුයි.
මේ මුරකරුට රටේ ආරක්ෂාවයි, අධිකරණයයි භාර දුන්නානම්, හිටපු මැති-ඇමතිලාටයි, අගමැති-ජනාධිපතිලා ඔක්කොටමයි, ඒ අපතයින්ගේ රෙදි හෝදන අපිටයි, හිටු කියලා වෙඩි තියයි.
දන්නෙ නැති නිසයි අහන්නෙ. මේ විදියට වෙඩි තියන්න නීතියෙන් අවසර තියනවද? දන්න කෙනෙක් කියන්න.
අනෙක් හොරුන්ටත් හොඳ පාඩමක්