IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පොලිස් සේවා ගාස්තු වැඩිවෙයි

(ගයාන් සූරියආරච්චි)

බැංකු ඇතුළු විවිධ මූල්‍ය ආයතන පොලිස් ස්ථානවල ස්ථාපිත කර ඇති සයිරන් නළාවක් හෝ නළා පද්ධතියක් සදහා මසකට රුපියල් 10,000 ක ගාස්තුවක් අයකෙරෙන බව පොලිස්  මූලස්ථානය පවසයි.

 එම සේවාව සදහා පොලිසිය මෙතෙක් ගාස්තුවක් අය කර නොතිබුණි.

එමෙන්ම පොලිස් ස්ථානවලින් නොමිලයේ නිකුත් කළ පොලිස් නිෂ්කාශන වාර්තාවක් සදහා රුපියල් 300 ක මුදලක් අය කරන බව පොලිස් මූලස්ථානය කියයි.

රැකියාවක් සදහා පොලිස් නිෂ්කාශන වාර්තාවක් ඉල්ලුම් කිරීමේදී පොලිසියෙන් අය කළ රුපියල් 150 ක මුදල රුපියල් 500 දක්වා වැඩිකර ඇති බවත් රුපියල් 150 ට පැවැති ඇගිලි සටහන් වාර්තා (එක් පිටපතක්) ගාස්තුව රුපියල් 500 දක්වාද, පැමිණිලි පිටපත් ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 50 දක්වා ද වැඩි කර ඇති බව පොලිසිය පවසයි.

මැදපෙරදිග රටවලට සංක්‍රමණය සහ එහි පදිංචි මෙරට පුද්ගලයන් විසින් ඉල්ලුම් කරනු ලබන නිෂ්කාශන වාර්තා සදහා අය කරනු ලබන රුපියල් 300 ක මුදල රුපියල් 500 දක්වාද, යුරෝපීය රටවල් සදහා පොලිස් මූලස්ථානයෙන් නිකුත් කරනු ලබන නිෂ්කාශන වාර්තා සදහා අයකරනු ලබන රුපියල් 4200 ක මුදල රුපියල් 5000 දක්වා ද වැඩිකර තිබේ.

චිත්‍රපට නිෂ්පාදනය සහ පෞද්ගලික අවශ්‍යතා සදහා නිලධරයන් රහිතව ලබාදෙන පොලිස් නාවික යාත්‍රා පැයක කාලයක් සදහා අශ්වබල 40 යාත්‍රාවකට රුපියල් 15,000 ක් ද, අශ්ව බල 25 යාත්‍රාවකට රුපියල් 10,000 ක් ද, අශ්ව බල 15 යාත්‍රාවකට රුපියල් 5000 ක් ද අයකෙරේ.

කිමිදුම් උපකරණ කට්ටලයක් සදහා රුපියල් 4000 ක්ද, ජීවිතාරක්ෂක හා කොස්චේන් උපකරණ සදහා රුපියල් 5000 ක්ද, ශබ්ද විකාශන යන්ත්‍ර (ආගමික ස්ථානවල කාර්යයන් හැර) සදහා පැය 6 කට රුපියල් 500 ක්ද, පැය 6 ත් පැය 12 ත් අතර කාලයක් සදහා රුපියල් 1000 ක්ද, පැය 12 සිට පැය 24 දක්වා කාලයක් සදහා රුපියල් 2000 ක් දක්වා ද, ආගමික ස්ථාන සදහා කාල පරිච්ඡේදයක් නොසලකා එක් දිනක් සදහා රුපියල් 500 ක මුදලක් දක්වා සංශෝධනය කර ඇත.

පැය එකහමාරක කාලයකට යටත්ව හා පශු වෛද්‍යවරයාගේ නිර්දේශයට යටත්ව නිල සුනඛයකු සදහා ගාස්තුව රුපියල් 20,000 ක්ද, නිල සුනඛයන් ප්‍රවාහනය සදහා කිලෝමීටරයකට රුපියල් 500 ක්ද,  පාසල් සංදර්ශන සදහා නිල සුනඛයින් ලබාදීමේදී ගාස්තු අය කිරීම හෝ නොකිරීම සම්බන්ධව පොලිස්පතිවරයාගේ අනුමැතියට යටත්වන බවද සදහන්වේ.

එමෙන්ම පැය එකහමාරක කාලයකට යටත්ව පොලිස් නිල අශ්වයකු සදහා පැයකට රුපියල් 30,000 ක මුදලක් අය කෙරන අතර එම නිල අශ්වය ප්‍රවාහනය සදහා පැයකට රුපියල් 6000 ක මුදලක් ද අය කෙරන බව පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස් ලොරි රථයක් සදහා කිලෝමීටරයට රුපියල් 500 ක්ද, පොලිස් බස් රථයක් සදහා කිලෝමීටරයට රුපියල් 600 ක්ද, සැහැල්ලු වාහනයක් සදහා කිලෝමීටරයට රුපියල් 300 ක්ද, පැදිකරු රහිතව විවිධ වේග සහිත යතුරුපැදි කිලෝමීටරයට රුපියල් 100 සිට රුපියල් 250 දක්වා මිලගණන් සංශෝධනය කර ඇති බවද පොලිස් මූලස්ථානය කියයි.



අදහස් (3)

පොලිස් සේවා ගාස්තු වැඩිවෙයි

සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 13 September 2025 01:52 AM

"ඉඟුරු දීලා මිරිස් ගත්තා "

:       0       4

ගයනි කාංචනා Saturday, 13 September 2025 09:22 AM

දැනගෙන හිටියේ නෑ පොලිසිය බඩු කුලියට දෙන තැනක් කියලා. ඕකට තව එකතු කරන්න රිවෝල්වරයකට 20000යි, T56ට 100000යි, උණ්ඩවලට අමතරව ගානකුයි කියලා. අයවැය පරතරය විසඳගන්න ඇහැක් වෙයි.

:       2       11

සෙනෙවිරත්න Saturday, 13 September 2025 01:50 PM

ගයනි, මොලේ තරම පේනවා, ⁣නාට්‍ය වල චිත්‍රපටි වල ඔය පොලිස් දර්ශන වෙනත් තැන් වලින් කරන්න ගියොත් රටේ අපරාධ වැඩි වෙන්න හේතුවක් වෙයි කියලා හිතන්න බැරිද?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 824 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site