
(රෝෂන් තුෂාර)
ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින්ගෙන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් රුපියල් කෝටියකට අධික අල්ලස් ලබා ගත්තේ යැයි කියන ගාල්ලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් අල්ලස් කොමිෂම මගින් අද(14) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගේ බැංකු ගිණුම් සඳහා මෙම අල්ලස් මුදල් බැර වී ඇති අතර සැකකරුගේ ඥාති හිතවතුන්ගේ බැංකු ගිණුම් සඳහා ද මෙම අලස් මුදල් ලබාගෙන ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.
සැකකරු සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව දැනට පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ රාජකාරි කටයුතු කරමින් සිටියදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැහැදිලිවම මත්ද්‍රව්‍ය හා සමාජ දූෂණය මේ අයුරින් පවත්වගෙන යන්න බැහැ, නීතියෙන් අනුබල ආධාර නැත්නම්..
මත් උවදුර සහ පාතාලයට පොලිස් අනුග්‍රහය නොමැතිව පැවැත්මක් නොමැති බවට මේ තවත් එක් සාධකයක් පමණි. නව රජය විශේෂයෙන් නව පොලිස්පති මේ ගැන දැඩි අවධානයක් යොමුකර නිසි පියවර ගනු ඇතැයි සිතමු.
නියමයි එන්පිපි, ඔයාලා පොරොන්දු වුණා වගේ හොරු එක ලස්සනට යනවා... මේ තමයි ශ්‍රී ලංකාවේ රාජපක්ෂ හොර රෙජීමයයත් එක්ක හැදුණු හොරු (තෝරු/මෝරු). එයාලාගේ නීතිවිරෝධී වත්කම් රාජ සන්තක කරන්න.මාලිමාව දිනාගන්න ඡන්දෙ දුන්න එක ගැන අපිට අද හරිම සතුටුයි.