(ඉන්දිකා රාමනායක)
ගලෙන් බිඳුණුවැව පොලිස් ස්ථානයේ කොස්තාපල් වරයෙකු පදිංචිව සිටි විවාහක නිල නිවසක භූමියේ සඟවා තිබූ විවිධ වර්ගයේ ගිනි අවි වලට යොදන උණ්ඩ 341ක් සහ අත් බෝම්බ දෙකක් ගලෙන්බිඳුනු වැව පොලිසිය මගින් සොයා ගත් ගලෙන් බිඳුණුවැව පොලිසිය පවසයි.
ටී 56 උණ්ඩ 281ක් සමග එම මැගසින් පහක්, එස් එල්, ආර් වර්ගයේ උණ්ඩ , 84එස් වර්ගයේ උණ්ඩ 06ක්, 84එස් පුහුණු උණ්ඩ 07ක්, මිලිමීටර් 6 පිස්තෝල උණ්ඩ 03ක්, එස් ඒම් ජී මැගසීන් 1ක් සහ අත් බෝම්බ හතරක් සොයා ගත් භාණ්ඩ අතර තිබූ බවයි පොලිසිය සඳහන් කළේය.
මෙම නිල නිවසේ සිටි පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ පවුලේ අය සමඟ ඉහත නිවසේ පදිංචිව සිට ඇති අතර 2022.2.11 දින වැඩ තහනමට ලක්ව ඇති බවද පොලිසිය පවසයි..
මෙම ආයුධ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඊයේ 02 පොලිසිය සිදු කළ සෝදිසියකදී ඉහත භාණ්ඩ සොයාගෙන ඇත. සැකකාර කොස්තාපල්වරයා විසින් පාර්ශවයක් වෙත ලබාදීම සඳහා ඔහු පදිංචි ඉඩමේ වළ දමන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පොලිස් නිල නිවෙස් භූමියේ ආයුධ ගබඩාවක්
ලුම්බිණි Monday, 03 March 2025 09:54 AM
පාතාලය කවුද පොලිසිය කවුද කියල හොයා ගන්න බැහැ නේ .