
(ගයාන් සූරියආරච්චි)
විදේශ රටක රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බව කියන සැකකාරියක සහ තියුණු ආයුධයකින් කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාල සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් මූලස්ථාන මහජය සහාය ඉල්ලා සිටියි.
සැකකාර කාන්තාව විසින් රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචාකර ඇතිබවට කාන්තාවන් 5 දෙනකු විසින් රක්වාන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව රක්වාන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව රක්වාන කනදගම, පොතුපිටිය ප්‍ර දේශයේ පදිංචි දළුගොඩ ආරච්චිලාගේ හර්ෂණී ප්‍රියන්තිකා නැමැත්තිය 40 හැවිරිදි කාන්තාව පිළිබදව තොරතුරු දන්නේ නම් රක්වාන පොලිසියේ ස්ථානාධිපතිවරයා 071 859 1394 යන දුරකතන අංකයට තොරතුරු ලබාදෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.
සැකකරු ඉකුත් අප්‍රේල් මස 18 වැනි දින මතුගම දොලහේනවත්ත ප්‍ර දේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ අපරාධයට අවශ්‍ය කරන සැකකරුවකු බවත් ඔහු මතුගම, අගලවත්ත ප්‍ර දේශයේ පදිංචි බ්‍රාහ්මණගේ දොන් සනත් රවීන්ද්‍ර නිලංත නැමැති 41 හැවිරිදි පුද්ගලයකු බවත් පොලිසිය කියයි.
මේවන විට සැකකරු ප්‍ර දේශයෙන් පලාගොස ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් මතුගම සහකාර පොලිස් අධිකාරී 071 859 1700 යන දුරකතන අංකයට දන්වන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලිසිය මහජන සහය පතයි