IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පොලිසියේ පුරප්පාඩු විසිඅටදාහක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා පොලිසියේ මේවන විට පුරප්පාඩු 28000කට ආසන්න ප්‍රමාණයක් පවතින අතර එයින්  පුරප්පාඩු 5000ක් කඩිනමින් පිරවීමට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා  පැවසීය. 

මේ වන විට ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබී අදාළ කටයුතු ආරම්භ කොට ඇති බවත් මේ වසර තුළ මෙම පිරිස බඳවා ගැනීම සිදු කරන බවත් අමාත්‍යවරයා පැවසීය. 

එසේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන අය අතුරින් 10,000ක පිරිසක් පොලිස් සේවයට අනුයුක්ත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව කීවේ පාර්ලිමේන්තුවේ පැවති මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ය.

ආනන්ද විජේපාල මහතා‍ගේ සභාපතීත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතාගේ සභභාගීත්වයෙන් මෙම උපදේශක කාරක සභාව රැස්විය.

පොලිස් සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කාරක සභාවේදී ඉදිරිපත් කළ විමසීම්වලට පිළිතුරු ලබා දෙමින් විජේපාල මහතා මේ බව සඳහන් කළේය. 



අදහස් (4)

පොලිසියේ පුරප්පාඩු විසිඅටදාහක්

ගුණරත්න Friday, 01 August 2025 08:21 PM

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉන්නේ මූලික සුදුසුකම් නැති අය... ආණ්ඩුවේ වුවමනාවටත් වඩා ඉන්න රජයේ සේවකයින් අඩු කරනවා වෙනුවට මෙහෙම බඳවා ගැනීම්වලින් අමාරුවේ වැටෙන්නේ රට... මොකද මොවුන් නොමිලේ සේවය කරන්නේ නැහැ... පැලවත්ත අරමුදලෙන් මොවුන්ගේ පඩි ගෙවන්නෙත් නැහැ. අන්තිමට රටට බරක් වෙන එක විතරයි...

:       1       7

PGPThilak Friday, 01 August 2025 08:30 PM

ගුරුවරු ලක්ෂයක් විතර තව ඕනැලු හෙදියන් දහස් ගණනක් ඕනැලු පොලිසියට 28000ක් ඕනෑලු! ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලටත් තව ඕනෑලු! ඔය විදියට පුරප්පාඩු පුරවන්න ලංකාවේ ජනගහනය මදිවෙයි බංගලියෝ වත් ගෙනෙන්න වෙයි වගේ...! මහින්ද ලක්ෂ හතේ රජයේ සේවකයින් ප්‍රමාණය ලක්ෂ විස්සක් කළා... මෙයාලත් තව ඕනෑලු..! දේශපාලුවන්ගේ ඡන්ද මැෂිම රජයේ සේවය!. මේ සෙල්ලම ඉවර වෙන්නේ කවදාද...?

:       2       5

Perakum Liyanagama Friday, 01 August 2025 11:19 PM

පොලීසියේ පුරප්පාඩු ඇතොත් ඒවා පිරවීම සුදුසු පරිදි කල යුතුය. වෙනත් රාජ්‍ය ආයතනවල මොන පුරප්පාඩුද කව්ද කියන්නෙ. ඉන්න සේවකයින්ට අයිස් ගහන්නෙ නැතුව වැඩ කරන්න කියන්න. බොහොමයක් පිංපඩි ගන්න පුරුදුවෙලා

:       0       0

prasad Saturday, 02 August 2025 11:28 AM

මානව සම්පත් කළමනාකරණය කියලා විෂයක් තියනවා. මෙම ආයතනවලත් එම අංශය සහ තනතුරුද පිහිටුවා තියනවා. වර්තමානයේ එම පුටුවල ඉන්න අය මානව සම්පත් කළමනාකරණය කියලා කරන්නේ නිලධාරීවාදය හිස් මුදුනේ තබාගෙන... එයාලාගේ හෝ එයාලාගේ තනතුරුවලට අදාල උසස්වීම් සහ අභිප්‍රේරණ සාධකයන්ට අදාළ ප්‍රථිපත්ති වලට මූලික තැන දී ක්‍රියා කරන්න විතරයි. ඒ නිසා කිසිම විටක සමස්ථ සේවකයින්ගේ බඳවා ගැනීම්, උසස් කිරීම් පුහුණුව සහ සංවර්ධනයන් ගැන දක්වන ලබන ප්‍රමුඛතාවය පහළ මට්ටමක ඇත. සිස්ටම් චේන්ජ් කරන වගකීම තියෙන්නේ ජනපති තුමාට විතරද? නැහැ මම දන්නේ මේ විදියට තිබුනොත් අපි හැමදාම ජාති ආගම්, ජාති, කුල සහ තනතුරු යන කුලක වලට වෙන් වෙන්ව බෙදිලා ඉන්නවා. එම කුලක ඡේදනය වන යුගයක් පේන තෙක් මානයක නැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 21 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 17 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 732 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site