(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස් සේවයට 2500ක් කඩිනමින් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
මේ පිළිබඳ ගැසට් පත්‍රය ලබන සියයේදී නිකුත් කෙරෙන බව පැවසු අමාත්‍යවරයා ඉදිරියේදී අඛණ්ඩවම බඳවා ගැනීම් සිද්ධ කරන බවද ප්‍රකාශ කළේය.
පොලිසියේ රාජකාරි පීඩා අවම කිරීමට විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බවත් පොලිසිය සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු සීයක් පිළිබඳව නීතිපතිවරයා සමඟ සාකච්ඡා කරගෙන යන බවත් ඔහු ප්‍රකාශ කළේය.
හෙතෙම මෙසේ පැවසුවේ සමග ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි
දේශපාලනීකරණය වූ පොලිසිය දේශපාලනීකරණයෙන් මුදවා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි පැවසූ විජේපාල මහතා දේශපාලනාකරණයවූ ආරක්ෂක කමිටු විසුරුවා හැර ඇතැයිද සඳහන් කළේය.
එදා සමහර කමිටු දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමට යොදාගෙන තිබූ බව ආනන්ද විජේපාල මහතා පැවසීය.
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වඳය ලබා දිමෙි සිද්ධියට සම්බන්ද තවත් ජේෂ්ඨ සිසුන් 04කු අද (05) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පවසයි.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී මියගිය රැදවියා බන්ධනාගර රෝහලේ රදවා සිටියදී ඔහුගේ කළහකාරී හැසිරීම හේතුවෙන් අනෙක් රැදවියන්ගේ යම් පහර කෑමකට ලක්ව ඇති බවට
කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (6) පෙරවරු 9.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් ක්‍රියාත්මක වන බව එම වෙළෙඳපොළ පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පොලිසියට අලුතින් 2500ක්
dds Thursday, 10 April 2025 11:38 AM
පොලීසියේ පීඩා අඩුකරනවා, නඩුගැන සාකච්ඡා කරනවා කියන්නේ පොලීසිය කැමති ආකාරයකට වැඩකෙරුවට කමක් නෑ කියන එකද? නඩු සීයක් කියන එකත් වැරදියි. අඩුම ගණනේ දාහක්වත් ඇති නීතිය අවභාවිතා කෙරුවට විරුද්ධව දාල.