
ඔස්කර් සම්මානනීය නළු ජීන් හැක්මන් සහ ඔහුගේ බිරිඳ බෙට්සි අරකාවාගේ සිරුරු ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ ජනපදයේ සැන්ටා ෆේ නුවර ඔවුන්ගේ නිවසින් හමුවුණු බව පොලිසිය පවසයි.
ජීන් හැක්මන්, 1970 දශකයේ අතිශය ජනප්‍රිය, ලොව ප්‍රකට හොලිවුඩ් නළුවෙකි. මියයනවිට, 95 හැවිරිදි හොලිවුඩ් නළු ජීන් හැක්මන්, දෙවරක් ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබ සිටියේය.
1971 දී තිරගත වුණු ‘ෆ්‍රෙන්ච් කනෙක්ෂන්’, 1972 දී තිරගත වුණු ‘පොසයිඩන් ඇඩ්වෙන්චර්’, 1973 දී තිරගත වුණු ‘ස්කෙයා ක්‍රෝව්’, 1978 දී තිරගත වුණු ‘සුපර්මෑන්’ සහ 1992 වසරේ දී තිරගත වුණු ‘අන්ෆෝගිවන්’ යන චිත්‍රපට ජීන් හැක්මන්ගේ අතිශය ජනප්‍රිය චිත්‍රපට ලෙස සැලකෙයි.
ජීන් හැක්මන්, 2000 වසරේ දී හොලිවුඩ් රංගනයෙන් විශ්‍රාම ගියේය. ඉන්පසු ඔහු බිරිඳ සමඟ සැන්ටා ෆේ නිවසේ අප්‍රකටය ජීවත් වූ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ජීන් හැක්මන්, අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ, 2024 වසරේ දී එක් අවස්ථාවකදී පමණි.
ජීන් හැක්මන්ගේ බිරිඳ බෙට්සි අරකාවා මියයනවිට 63 හැවිරිදි විය. ඔවුන් දෙදෙනාට අමතරව, නිවසේ සිටි ඔවුන්ගේ බලු සුරතලා ද මියගොස් සිටි බව පොලිසිය කියයි.
හැක්මන්ගේත් බිරිඳ අරකාවාගේත් මරණ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති නමුත් සැකකටයුතු කිසිවක් හමුවී නැතැයි ද සැන්ටා ෆේ පොලිසිය වැඩි දුරටත් පවසා ඇත.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්‍රවීණ නළු ජීන් හැක්මන් සමුගනී