IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


පාර්ලිමේන්තු ලොක්කෝ මැතිසභා වියදමින් සවාරි ගිහින්

(සුජිත් හේවාජුලිගේ)

කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේකම් සහ පාර්ලිමේන්තු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ලබාදෙන ඉන්ධන ප්‍රමාණ සැලකිය යුතු ලෙස සීමා කිරීමටත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව  තීරණය කර ඇත

පාර්ලිමේන්තු මහ ලේකම්වරයකුට මෙතෙක් සීමාවකින් තොරව ඉන්ධන සැපයුණු අතර මින් ඉදිරියට මහලේකම්වරයාට හිමිවන්නේ අමාත්‍යාංශයක ලේකම්වරයෙකුට හිමිවන ඉන්ධන ප්‍රමාණය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ සහකාර මහලේකම් සඳහා කිලෝමීටර 1200ක් දක්වා වූ දුර ප්‍රමාණයකට සරිලන මාසික ඉන්ධන කෝටාවක් සපයන ලදි.

මින් පසුව නියෝජ්‍ය මහ ලේකම්වරයාට හිමිවන්නේ අමාත්‍යාංශයක අතිරේක ලේකම්වරයෙකුට හිමිවන ඉන්ධන ප්‍රමාණය බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

සහකාර මහ ලේකම්වරයාට අමාත්‍යාංශයක ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකුට වෙන් කෙරෙන ඉන්ධන ප්‍රමාණය ලබාදීමට මෙහිදී තීරණය කර ඇත.

එසේම පාර්ලිමේන්තුවේ මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහ සහකාර මහලේකම්වරයාට මින් ඉදිරියට ලැබෙන්නේ එක් වාහනයක් පමණි.

පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට මාසිකව කිලෝමීටර් නවසීයක් දක්වා ඉන්ධන සැපයුණු අතර ඔවුන්ගේ ඉන්ධන කෝටාවද අඩු කෙරුණු ඇත.

පසුගිය කාලයේදී පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානීන් වාහන සහ ඉන්ධන අසීමිතව පාවිච්චි කර ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වීමෙන් පසු වාහන සහ ඉන්ධන ප්‍රමාණ මෙසේ සීමා කිරීමට තීරණය කර ඇත.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රම රත්න මහතා විසින් පාර්ලිමේන්තුවේ වාහන සහ ඉන්ධන පරිහරණය සම්බන්ධයෙන් පසුගියදා වාර්තාවක් ලබා ගනු ලැබීය.

මේ අතර පාර්ලිමේන්තුවේ වියදම් සම්බන්ධයෙන් සොයා බලන ලෙස කථානායකවරයා විසින් කරන ලද දැනුම් දීමක් අනුව ජාතික විගණන කාර්යාලය විසින්ද ඒ පිළිබඳව විමර්ශනයක් කරගෙන යනු ලැබේ.

පසුගිය කාලයේදී පාර්ලිමේන්තුවේ ප්‍රධානියෙකු තම දරුවා නැගෙනහිර විශ්ව විද්‍යාලයකට යැවීම සඳහාද පාර්ලිමේන්තුවේ වාහනයක් පාවිච්චි කර තිබූ බවට තොරතුරු අනාවරණයවිය. එසේම තවත් නිලධාරිනියක අනුරාධපුරයේ නක්ෂත්‍රවේදනියක හමුවීමටද පාර්ලිමේන්තුවෙන් දෙන ඉන්ධන පාවිච්චි කර තිබූ බවට තොරතුරු හෙළිවිය.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභා රැස්වීමට මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

 



අදහස් (0)

පාර්ලිමේන්තු ලොක්කෝ මැතිසභා වියදමින් සවාරි ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

විදෙස් චිත්‍රපටවලට ට්‍රම්ප්ගෙන් බදු
2025 මැයි මස 05 150 0

විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100


කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථාන නිලධාරීන් අපහසුතාවයට
2025 මැයි මස 05 532 0

කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමි


මාදිවෙල බංගලා සැප මදි : හදන්න සල්ලිත් මදි
2025 මැයි මස 05 737 2

මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


කතානායක බංගලාවේ වියදම් භාගයක්ම කපයි
2025 මැයි මස 05 762 2

කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු වියදම් සියයට පනහකින් පමණ කපා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


ජන්ද මධ්‍යස්ථාන 13759 ක් සකස් කිරීම අද ඇරඹෙයි
2025 මැයි මස 05 148 0

පලාත් පාලන ආයතන 339 ජන්ද විමසීමට අදාළ ජන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අද (5) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ජනාධිපතිට කළ චෝදනා හොයන්න කියන්න ජවිපෙ මහ රෑ සී.අයි.ඩී යයි
2025 මැයි මස 05 1970 5

ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව මහතා කළ චෝදනාව සම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 681 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 175 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1207 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site