
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ වෙන දේවල් බැලුවම ලේකම් මණ්ඩලයේ මේ නෝනයි මහත්තයත් (මහ ලේකම් සහ සහකාර මහලේකම්) එලවයිද දන්නේ නැහැ. පරිස්සමෙන් ඉන්න යැයි සමගි ජන බලවේගයේ කුරැණෑගල දිස්ත්රික් මන්ත්රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ දිට්වා සුළි කුණාටුවෙන් පසු පැනවූ හදිසි නීති තත්වය දීර්ඝ කිරීම පිළිබද විවාදයේදීය.
නලින් බණ්ඩාර මහතා මෙසේද පැවසීය.
චමින්ද කුලරත්න මහත්තයට කරපු දේ බැලුවම මේ පාර්ලිමේන්තුව නෙමෙයි මුළු රාජ්ය සේවයේම කලකිරීමක් තියෙනවා. මේක පෞද්ගලික පලිගැනීමක්. ලේකම් මණ්ඩලයේ මේ ඉන්න නෝනයි මහත්තයත් එලවයිද දන්නේ නෑ. බලාගෙන ඔබතුමාලා පරිස්සමෙන් ඉන්න. එතුමා කරපු දේවල් අපි පිළිගන්නේ නැහැ. එතුමාට වෙන වෙන දේවල් ඇති. අපිට කමක් නෑ ඒවා. කතානායකතුමා ලේකම් මණ්ඩලයේ සේවකයන්ගේ ගෞරවය රකිමින් කටයුතු කරන්න ඕන. පෞද්ගලික කෝන්තර අනුව කටයුතු කළහොත් ඒක හරියන්නෙ නෑ. එහෙම කරන ඒක පාර්ලිමේන්තුවට ගැලපෙන්නෙ නෑ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියවෙන්නේ, එතුමා කළ අනිත් ඒවා අපට වැඩක් නැතිලු, ඒ කියන්නේ නැති සුදුසුකම් පෙන්වලා රැකියාව ගත්තාට කමක් නැහැ කියලා නේද? මේ නිලධාරිය වැඩ තහනම් කරන තුරුම හිටිය කතානායකගේ වැරැදි අරගෙන අල්ලස් එකට යන්න. එහෙමද අවංක නිලධාරින් කටයුතු කරන්නේ...
පව් මෙයාලාට ඔහේ මොනවා හරි එකක් කියවනවා හැර මොනවා කරන්නද? විශ්වාස භංගයත් අතුරුදහන්...
ඕක විපක්ෂයේ සුපුරුදු භාෂාව වන කුණු හරුපත් කිව්වොත් නේද හොඳ?
ඩෝබිලා වාර්තා කරන්න වහාම..