IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පාර්ලිමේන්තුවේ මුලසුනට එන අයට එංගලන්තෙන් පාඩමක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) විසින් සංවිධානය කරන ලද කථානායකවරයා ඇතුළු මුලසුන දැරීම සඳහා නම් කරන ලද මන්ත්‍රීවරයන්ට (සභාපති නාමාවලියේ සඳහන් මන්ත්‍රීවරයන්ට) අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැඩමුළුවක් පැවැත්විණි.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න,  නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මෙම වැඩසටහනට සහභාගී වූහ.

එක්සත් රාජධානිය නියෝජනය කරමින් එරට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ජුඩිත් කමින්ස් (Ms. Judith Cummins), එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කථානායක ඩෝන් ප්‍රිමරොලෝ (Ms. Dawn Primarolo), සහ ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ හිටපු සභාපතිවරයෙක් වූ කෙනත් ඩොනල්ඩ් මැකින්ටොෂ් (Mr. Kenneth Donald Macintosh) යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

මෙම වැඩමුළුවේදී, එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවලට අදාළව මූලාසනය දරන සභාපතිවරුන්ගේ භූමිකාව පිළිබඳ කරුණු ආවරණය කෙරිණි.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, සහකාර මහලේකම් හංස අබේරත්න මහත්ම මහත්මීහු  ඇතුළු  ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු නිලධාරීහු මීට සහභාගී වූහ.



අදහස් (3)

පාර්ලිමේන්තුවේ මුලසුනට එන අයට එංගලන්තෙන් පාඩමක්

දර්ශනී Tuesday, 01 April 2025 05:58 PM

පාර්ලිමේන්තු ලොකුම පුටු දෙකේ ඉන්නේ හොදම රාජපක්ෂ කික්කියෙකුයි කුක්කෙකුයි. කුක්කා මැදමුලනට ඇරෙන්න කාටවත් වැඩ කරලා නැහැ….

:       0       0

Sujeewa Tuesday, 01 April 2025 06:14 PM

අමාත්‍යතුමා , මෙය සිදු වන බව ඔබ දන්නේ කෙසේද? අධිකරණ පද්ධතිය ස්වාධීන නම්, ඉදිරි නඩුවක තීන්දුව කුමක් වේවිද ඔබ දන්නේ කෙසේද? මම NPP ආණ්ඩුවේ ප්‍රබල අනුගාමිකයෙක් වුණත්, මට දැන් දැනෙනවා ඔබ ඇතුළු අතිගරු ජනාධිපතිතුමා, NPP ආණ්ඩුවේ සෙසු පිරිස උනන්දු වන්නේ විපක්ෂය මරා දැමීමට මිස රට සංවර්ධනය කිරීමට නොවේ. ක්‍රමය වෙනස් කළේ අපි, ජනතාව, හරිම අවාසනාවන්තයි. ඔබ වෙනස් වී නැත. NPP යේ කොඳු නාරටිය වූ JVP වසර 60ක් (1964 සිට 2024 දක්වා) ජනතාව විසින් "ඊර්ෂ්‍යා" ලේබලය ඇලවීම පුදුමයක් නොවේ. නැවත සිතන්න. අවුරුදු 60ක් තිස්සේ ඔබ වැරදි කළා; ඔබ ජාතික වත්කම් (බස්, ට්‍රාන්ස්ෆෝමර්, ලාම්පු / දුරකථන කණු ආදිය) විනාශ කළා, ඔබ අහිංසක මිනිසුන් දහස් ගණනක් ඝාතනය කළා. නමුත් ඒ සියල්ල සමඟින් අපි ඔබව තෝරා ගත්තේ ක්‍රම වෙනසක් සඳහායි.

:       0       0

Sujeewa Tuesday, 01 April 2025 06:39 PM

ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකාවේ කථානායකවරයකු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් පුහුණුවක් ලබා ගැනීමට අවශ්‍ය නැත. අපි රටක් ලෙස ශතවර්ෂයකට ආසන්න කාලයක් පාර්ලිමේන්තු සහ / හෝ මහජන නියෝජිත ක්‍රම අනුගමනය කරමින් සිටිමු. NPP සලකන්නේ අපි ශ්‍රී ලංකාව තවමත් අපිරිසිදු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ කොලනියක් ලෙසද? අපේ ජාතික වීරයින් අසාදු ලේඛන ගත කිරීමේ තීරණයට NPP ප්‍රතිචාර දැක්වූ ආකාරය..., අපට එය දැනීමට නැඹුරු වේ. මම NPP ආණ්ඩුවේ ප්‍රබල අනුගාමිකයෙක් වුණත්, මට දැන් දැනෙනවා ඔබ, අතිගරු ජනාධිපතිතුමා ඇතුළු NPP ආණ්ඩුවේ සෙසු පිරිස උනන්දු වන්නේ විපක්ෂය මරා දැමීමට මිස රට සංවර්ධනය කිරීමට නොවේ. ක්‍රමය වෙනස් කළේ අපි, ජනතාව, හරිම අවාසනාවන්තයි. ඔබ වෙනස් වී නැත. NPP යේ කොඳු නාරටිය වූ JVP වසර 60ක් (1964 සිට 2024 දක්වා) ජනතාව විසින් ඊර්ෂ්‍යා කරන ලේබලය ඇලවීම පුදුමයක් නොවේ. නැවත සිතන්න. අවුරුදු 60ක් තිස්සේ ඔබ වැරැදි කළා; ඔබ ජාතික වත්කම් (බස්, ට්‍රාන්ස්ෆෝමර්, ලාම්පු / දුරකථන කණු ආදිය) විනාශ කළා. ඔබ අහිංසක මිනිසුන් දහස් ගණනක් ඝාතනය කළා. නමුත් ඒ සියල්ල සමඟින් අපි ඔබව තෝරා ගත්තේ ක්‍රම වෙනසක් සඳහායි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site