
(රංජිත් රාජපක්ෂ)
රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ප්‍රපාතයකට පෙරලුණු බස් රථය අද පස්වරුවේ ගොඩගෙන ඉදිරි පරික්ෂණ කටයුතු සදහා කොත්මලේ පොලිසිය වෙත රැගෙන යනු ලැබීය.
මෙම අනතුරින් කාන්තාවන් 06ක් ඇතුලු 22ක් ජීවිතක්ෂයට පත් වී ඇත. පොලිසිය සහ යුද හමුදාව එක්ව විශාල දොඹකර ආධාරයෙන් බස් රථය ගොඩ ගනු ලැබීය.
අනතුරින් මිය ගිය 21 දෙනාගෙන් හදුනාගත් මළ සිරුරු පශ්චාත් මරණ පරෟක්ෂණය සදහා නාවලපිටිය, ගම්පොළ යන මූලික රෝහල් වෙත යොමු කළ බව කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි එච්.එස්. හේවකුඹුර මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd