IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ව්‍යවස්ථාවක් ඉක්මනින් හදන්න

(ආරියරත්න රණබාහු)

දැනට පවතින ව්‍යවස්ථාව තුළ ඇති ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ කරුණු ඉවත් කර  ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන විනිවිදභාවයෙන් යුත් එකමුතුකමට මුල් තැන දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැකි ඉක්මනින් සකස් කළ යුතුව ඇතැයි  කොළඹ අග රද ගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ  පැවසූහ.

ඒ සඳහා වසර පහක පමණ කාලයක් බලා සිටිය නොහැකි බව කී උන්වහන්සේ එය අත්‍යවශ්‍ය කරුණක් ලෙස සළකා ඉතා කඩිනමින් කළ යුතු කාර්යයක් යයිද කීහ

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ කොළඹ අගරද හිමියන් අතර හමුවකින් පසු උන් වහන්සේ මාධ්‍යට අදහස් දක්වමින් ඒ බව පැවසූහ.

මෙම කරුණු ජනාධිපතිවරයාට දන්වන ලෙසද කදිනල් හිමියෝ කතානායකවරයාගෙන් ඉල්ලා සිටියහ. 



අදහස් (7)

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ව්‍යවස්ථාවක් ඉක්මනින් හදන්න

karolis Monday, 06 January 2025 05:22 PM

පාස්කු මහා මොළකාරය හම්බ උනැයි දැන් ව්‍යවස්ථාව හදන්න හදන්නේ?

:       5       52

යෝගා Monday, 06 January 2025 05:31 PM

ඔව්, උතුරු නැගෙනහිර එකතු කරලා ෆෙඩරල් රාජ්‍යයක් ඉක්මනට හදන්න. ඒකනේ ඔය වහෙන් ඔරෝ කියන්නේ.

:       5       45

කමල් පෙරේරා Tuesday, 07 January 2025 12:22 AM

ලංකාව අනාගමික කරන්න නව ව්‍යවස්ථාවෙන් . ඊට පස්සේ අපි බලාගන්නම් අපේ ආගම උඩින්ම තබන හෑටි… ඒක ඊළඟ වාරයේ…

:       0       14

Upul Attanayake Tuesday, 07 January 2025 01:04 AM

ක්ලීන් කරන්න කියන්නේ බුද්ධාගමට තියෙන ප්‍රධාන ප්‍රමුඛස්තානයද ? මේ යක්කුන්ගේ මානව හිමිකම් කැඩෙනවා ඕක තිබුනම . අපි හරක් නෙමෙයි, ඔය ආගම්වල ට්‍රික්ස් මදි අපිව තම්බන්න. ගේන්නකෝ එදාට බලමු

:       0       16

FreemanHAT Tuesday, 07 January 2025 04:23 AM

ඉන්දියාවටයි ඇමරිකාවටයි ඕන දේවල් කරන්න රටේ ජනතාව එකා වගේ පෙලගැහිලයි ඉන්නෙ. බයවෙන්න එපා ඉක්මනට කරල දෙන්නම්.

:       0       14

Damith Tuesday, 07 January 2025 06:47 AM

දැන් පාස්කු උන හොඳ වෙලාද? ඔක්කොම හරිද ?

:       0       20

[email protected] Tuesday, 07 January 2025 09:55 AM

පින් සිද්දවෙයි පැත්තකට වෙලා ඉන්න. මෙයත් ලස්සනට දෙපැත්ත කන්න දන්නවා

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site