
(ආරියරත්න රණබාහු)
දැනට පවතින ව්‍යවස්ථාව තුළ ඇති ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ කරුණු ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන විනිවිදභාවයෙන් යුත් එකමුතුකමට මුල් තැන දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැකි ඉක්මනින් සකස් කළ යුතුව ඇතැයි කොළඹ අග රද ගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පැවසූහ.
ඒ සඳහා වසර පහක පමණ කාලයක් බලා සිටිය නොහැකි බව කී උන්වහන්සේ එය අත්‍යවශ්‍ය කරුණක් ලෙස සළකා ඉතා කඩිනමින් කළ යුතු කාර්යයක් යයිද කීහ
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ කොළඹ අගරද හිමියන් අතර හමුවකින් පසු උන් වහන්සේ මාධ්‍යට අදහස් දක්වමින් ඒ බව පැවසූහ.
මෙම කරුණු ජනාධිපතිවරයාට දන්වන ලෙසද කදිනල් හිමියෝ කතානායකවරයාගෙන් ඉල්ලා සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු මහා මොළකාරය හම්බ උනැයි දැන් ව්‍යවස්ථාව හදන්න හදන්නේ?
ඔව්, උතුරු නැගෙනහිර එකතු කරලා ෆෙඩරල් රාජ්‍යයක් ඉක්මනට හදන්න. ඒකනේ ඔය වහෙන් ඔරෝ කියන්නේ.
ලංකාව අනාගමික කරන්න නව ව්‍යවස්ථාවෙන් . ඊට පස්සේ අපි බලාගන්නම් අපේ ආගම උඩින්ම තබන හෑටි… ඒක ඊළඟ වාරයේ…
ක්ලීන් කරන්න කියන්නේ බුද්ධාගමට තියෙන ප්‍රධාන ප්‍රමුඛස්තානයද ? මේ යක්කුන්ගේ මානව හිමිකම් කැඩෙනවා ඕක තිබුනම . අපි හරක් නෙමෙයි, ඔය ආගම්වල ට්‍රික්ස් මදි අපිව තම්බන්න. ගේන්නකෝ එදාට බලමු
ඉන්දියාවටයි ඇමරිකාවටයි ඕන දේවල් කරන්න රටේ ජනතාව එකා වගේ පෙලගැහිලයි ඉන්නෙ. බයවෙන්න එපා ඉක්මනට කරල දෙන්නම්.
දැන් පාස්කු උන හොඳ වෙලාද? ඔක්කොම හරිද ?
පින් සිද්දවෙයි පැත්තකට වෙලා ඉන්න. මෙයත් ලස්සනට දෙපැත්ත කන්න දන්නවා