
(මහින්ද නිශ්ශංක)
මරදාන හා කොටුව අතර ඊයේ (30) පස්වරුවේ සහ අද (01) පෙරවරුවේ දුම්රිය දෙකක්ද ඊයේ (30) රාත්‍රී පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී තවත් දුම්රියක්ද වශයෙන් දුම්රිය තුනක් පීලි පැනීම් සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තු වෙන් වාර්තා වේ.
මරදාන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ මගීන් නොමැති දුම්රියක් ඊයේ පස්වරුවේ ප්‍රථමයෙන් පීලි පැනීමට ලක්වූ අතර එදිනම (30) රාත්‍රී කොළඹ කොටුව සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී පීලි පැනීමක් සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියෙක් පැවසීය.
තුන්වන දුම්රිය ලෙස මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ පුලතිසි දුම්රිය අද උදේ මරදාන හා කොටුව අතර පීලි පැනීමට ලක්වූ බව එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට මාලිමාවේ පීලි පැනලා මාස 7 ක් වෙනවා