
(රංජිත් කරුණාවීර)
මහියංගන - බදුල්ල මාර්ගයේ මාපාකඩවැව 17 කණුව ප්‍රදේශයේ මහවැලි වියානා ඇළට වැටී සරසවි සිසුවිකය අතුරුදහන්ව ඇතැයි මහියංගණ පොලිසිය පවසයි.
එසේ දියේ ගිලි අතුරුදහන්ව ඇත්තේ රශ්මි ලක්ශිකා මෙන්ඩිස් නමැති වසය අවුරුදු 26ක තරුණියක වන අතර ඇය රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවියකි.
අතුරුදහන්ය ඇති තරුණිය රජරට විශ්වවිද්‍යාලයේ සිට සිය පෙම්වතා සමඟ මහියංගණය හරහා හම්බන්තොට ඇයගේ නිවෙස වෙත පෙම්වතාගේ කාර් රථයෙන් යමින් සිටියදී, මාපාකඩවැව 17 කණුව ප්‍රදේශයේ මහවැලි වියානා ඇළ අසලට පැමිණ දෙදෙනා මදක් ගිමන් හැර ඇත.
පසුව ඔවුන් ඇළ වේල්ලදිගේ දෙදෙනා ඇවිඳ ගෙන ඇළ දිගේ ඉහළට ගමන්කරදී පෙම්වතා එකවරම ඇළට වැටී ඇති අතර පෙම්වතා බේරාගැනීමට පෙම්වතිය ඇළට පැන ඇත.
දෙදෙනාටම පිහිනිමට නොහැකිව ඇළේ සැඩපහට හසුව ගසාගෙන පහළට යද්දී, දියනාමින් සිටි කාන්තාවකගේ කෑගසා ඒ අසල සිටි පිරිසට දන්වා ඇත.
එම කෑ ගැසීමත් සමඟ ඒ අසන්නයේ සිටි මාපාකඩවැව පොලිස් විද්‍යාලයේ සුමේධ බණ්ඩාර ඇතුළු පිරිස ගසාන යමින් සිටි තරුණයා බේරා ගෙන ඇතත් ජලයේ ගසාගෙන් යමින් සිටි තරුණිය ජලපහරේ ගිලී සැඟව ගොස් අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි.

2025 නොවැම්බර් මස 04
441
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2202
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පෙම්වතා බේරා ගන්න වියානා ඇළට පැන්න සරසවි සිසුවිය අතුරුදන්
pramuka Monday, 21 July 2025 01:26 PM
අන්න කෙල්ලෝ...