IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පානදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට

(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු සිදුකල වෙඩි තැබීමකින් පිංවල පදිංචි පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව හිරණ පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ  කසුන් හරිස්චන්ද්‍ර නමති 35 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

පානදුර, මාලමුල්ල රණවිරු හේමන්ත පෙරේරා මාවතේ පිහිටී නිවසක කොටහළු සාදයකදී වෙඩිතැබිම සිදුව ඇති බවත් මියගොස් ඇති තැනැත්තා සිය බිරිද සමග සාදයට සහභාගී සිට ඇති බවත් පොලිසිය පවසයි.

යතුරු පැදිය කිහිපවරක් සාදය පැවැත්වූ ස්ථානයෙන් එහා මෙහා ගමන් කර ඇති අතර මුහුණ ආවරණය කරගන සිටී තුවක්කුකරු එක්වරම වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව සදහන් වේ.

අසල නවතා තිබූ ත්‍රීරෝද රථයකටද වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලවී තිබු අයුරු දැකගත හැකිවිය.

වෙඩිවැදී සිටී දෙදෙනා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරින් සහ විශේෂ කාර්ය බලකා නිළධාරින්ද කැදවා තිබුණි.

 

 



අදහස් (4)

පානදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට

රම්බොඩ Tuesday, 29 April 2025 09:36 AM

වර්ථමාන ආණ්ඩුව නම් මරු. කටවල් උල් කර කර පච ඇදබාලා සමස්ත සමාජයම රවටලා බලය අරන් දැන් මොනවද කරන්නේ ? කන්ජපානිලාගේ ආණ්ඩුව .රට චිකාගෝවක් වෙලා.පාතාලය නෙවෙයි මට්ටු කරන්න හදන්නෙ. ඊට විරුද්ධ අය. මාලිමාඑන්කෙෆලයිටිස් රෝගීන් දැන් ගලේ පහරපු බළලුන් වගේ.

:       15       24

Sarath Tuesday, 29 April 2025 09:36 AM

පොදුවේ "'AKD" ශ්‍රීලංකා .පොහොසත් රටක් ..ලස්සන ජීවිතයක්

:       7       9

මැක්ස් Tuesday, 29 April 2025 09:37 AM

මෙය නම් කිසිසේත්ම විය නොහැක්කකි. මක්නිසාද යත්, අපේ ජනාධිපති සහෝදරයා කියූ ලෙසටම බලයට ආ සැනින් පාතාලය කුඩුපට්ටම් කල නිසාය. ඒකත් එකටම මේ අගහරු ලෝකයෙන් පැමිණ කළ අපරාධයක් විය හැකිය.

:       9       18

පොල්කොටුවේ නන්දන Tuesday, 29 April 2025 01:56 PM

ම හජන ~ ආරක්ෂක ඇමති දැනගත්තොත් එහෙම මුන්ට අමත නොවෙන පාඩමක් උගන්නන්න බංකුවකුයි මේසෙකුයි ගේන්න කියනව ෂුවර් ....

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site