
(ඒ.ජි.වික්‍රමසිංහ)
පානදුර වෙඩ් තැබීම් දෙකක පැදිකරු ලෙස කටයුතු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර පොලිසියෙන් පැන ගොස් ඇතැයි පොලිසිය කියයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගත් සැකකරු 29 වන දින රාත්‍රියේදි රත්නපුර පොලිසිය වෙත බාරදි ඇත.
රත්නපුර පොලිසිය වෙත බාරදුන් සැකකරුවකු අද 30 දින පෙරවරුවේ පොලිස් සිර මැදිරියෙන් පැන ගොස් ඇතැයි රත්නපුර පොලිසියෙන් වාර්තාවේ.
පානදුරේ වෙඩි තැබිම් දෙකක පැදිකරු ලෙස කටයුතු කරන ලද සැකකරුවකු බවත් ඔහුට එරෙහිව වරෙන්තු දෙකක් ඇතැයි ද පොලිසිය කියයි.
මෙම සැකකරු අද පෙරවරු 7.03 ට වැසිකිලි යාමට අදාල නිළධාරියා විසින් දොර විවෘත කරන ලද අවස්ථාවේ තම හිසට තොප්පියක් දමාගෙන සිර මැදිරියෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු අනාවරනය වේ.
මෙම සැකකරු රත්නපුර අංගම්මන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවත් අද 30 දින අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යයෙන් පොලිස් අත්අඩංගුවට පත් පුද්ගලයෙකු සිර මැදිරියෙන් පිටතට ගැනීමේ ක්‍රමවේදය.
පොලිසියේ අනුග්‍රහය නැතිව කිසිසේත්ම සිදුවිය නොහැක්කකි. මේ ඔහුගේ ගම් ප්‍රදේශයේ පොලිසියයි.
ඒකෙන් ඒ වෙලාවේ ඩියුටි හිටපු අයටත් තොප්පියක් වැටුණා.
වෙන්න පුළුවන් වැඩ දෙකකි 1 ) පොලිසියේ අනුග්‍රහයෙන් පැන ගිහින් 2) පොලිසියේ අනුග්‍රයෙන් පරලොව ගිහින්
පැන ගියා නෙමේ පැන යන්න දීල අපේ කට්ටිය
මහා ලොකුවට පොලිසි හදනව නමුත් හදන හිර මැදිරි ප්‍රමාණවත් නැහැ අලුතෙන් හදන පොලිසි වල අවම වශයෙන් වැසිකිලි සහිත හිර මැදිරි 6 වත් හදන්න , එතකොට රැදවියන්ට සහ පොලිස් නිලධාරීන් යන දෙගොල්ලනටම පහසුවකි.