
(ඒ.ජි.වික්‍රමසිංහ)
පානදුර වෙඩ් තැබීම් දෙකක පැදිකරු ලෙස කටයුතු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර පොලිසියෙන් පැන ගොස් ඇතැයි පොලිසිය කියයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගත් සැකකරු 29 වන දින රාත්‍රියේදි රත්නපුර පොලිසිය වෙත බාරදි ඇත.
රත්නපුර පොලිසිය වෙත බාරදුන් සැකකරුවකු අද 30 දින පෙරවරුවේ පොලිස් සිර මැදිරියෙන් පැන ගොස් ඇතැයි රත්නපුර පොලිසියෙන් වාර්තාවේ.
පානදුරේ වෙඩි තැබිම් දෙකක පැදිකරු ලෙස කටයුතු කරන ලද සැකකරුවකු බවත් ඔහුට එරෙහිව වරෙන්තු දෙකක් ඇතැයි ද පොලිසිය කියයි.
මෙම සැකකරු අද පෙරවරු 7.03 ට වැසිකිලි යාමට අදාල නිළධාරියා විසින් දොර විවෘත කරන ලද අවස්ථාවේ තම හිසට තොප්පියක් දමාගෙන සිර මැදිරියෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු අනාවරනය වේ.
මෙම සැකකරු රත්නපුර අංගම්මන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවත් අද 30 දින අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව සිටියේය.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පානදුරේ වෙඩික්කරු පොලිසියෙන් පැන යයි
[email protected] Wednesday, 30 July 2025 01:50 PM
සාමාන්‍යයෙන් පොලිස් අත්අඩංගුවට පත් පුද්ගලයෙකු සිර මැදිරියෙන් පිටතට ගැනීමේ ක්‍රමවේදය.
NIMALWednesday, 30 July 2025 04:59 PM
අදාල සියලු දෙනාගෙම වැඩ තහනම් පරීක්ෂණයක් අවශ්‍යයි හේතුව මිනිමරුමකට සම්බන්ද වරදකරුවකු අදිකරණයට ගෙන ඒමේදී හෝ වෙනත් ඕනෑම කටයුතකදී එක පොඉස් නිලධාරියකු සම්බන්ද වන්නේ නැත එසේ සිදුවන්නේනම් එය පොලිසියේම / රාජකාරිවල වරදකි
Para Wednesday, 30 July 2025 02:15 PM
පොලිසියේ අනුග්‍රහය නැතිව කිසිසේත්ම සිදුවිය නොහැක්කකි. මේ ඔහුගේ ගම් ප්‍රදේශයේ පොලිසියයි.
ගාමිණී Wednesday, 30 July 2025 02:36 PM
ඒකෙන් ඒ වෙලාවේ ඩියුටි හිටපු අයටත් තොප්පියක් වැටුණා.
de silva Wednesday, 30 July 2025 04:20 PM
වෙන්න පුළුවන් වැඩ දෙකකි 1 ) පොලිසියේ අනුග්‍රහයෙන් පැන ගිහින් 2) පොලිසියේ අනුග්‍රයෙන් පරලොව ගිහින්
Sk Thursday, 31 July 2025 01:10 AM
පැන ගියා නෙමේ පැන යන්න දීල අපේ කට්ටිය
de silva Thursday, 31 July 2025 01:11 PM
මහා ලොකුවට පොලිසි හදනව නමුත් හදන හිර මැදිරි ප්‍රමාණවත් නැහැ අලුතෙන් හදන පොලිසි වල අවම වශයෙන් වැසිකිලි සහිත හිර මැදිරි 6 වත් හදන්න , එතකොට රැදවියන්ට සහ පොලිස් නිලධාරීන් යන දෙගොල්ලනටම පහසුවකි.