IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පද්මේලා එක්ක හාදකම් පෑ හිටපු මැති ඇමති රොත්තක් ගැනත් විමර්ශන

(සුජිත් හේවාජුලිගේ)

කෙහෙල් බද්දර පද්මේ සහ කුඩු සළිඳු ඇතුළු පාතාලකරුවන් පස්දෙනා සමග මුල් කාලයේදී සබඳතා පැවැත් වූ බව පැවසෙන හිටපු ඇමතිවරුන් මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන් අට දෙනෙකු සහ කලාකරුවන් කිහිප දෙනෙකු පිළිබඳවද විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන්  දුරකතන වාර්තා විශ්ලේෂණය කරමින් පරීක්ෂණ කටයුතු දිගටම කරගෙන යන බව පොලිසිය පවසයි.

එසේම මෙම පාතාලකරුවන්  සමග සබඳතා පැවැත්වූ බව පැවසෙන රජයේ නිලධාරීන් පිරිසක් පිළිබඳවද විමර්ශන අංශවල ඉහළ   අවධානය යොමුව ඇත.

මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු  අමාත්‍ය ආනන්ද විජේපාල  මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම පාතාලකරුවන් සහ දේශපාලනඥයන් කිහිප දෙනෙකු අතර මුල් කාලයේ තිබූ සබඳතා කිහිපයක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවයි.

කෙහෙල්බද්දර පද්මේ සහ  කුඩු සලිදු ඇතුළු ප්‍රධාන පෙළේ පාතාලකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් සමග ගනුදෙනු පැවැත්වූ ප්‍රසිද්ධ පාතාල නායකයන් පස් දෙනෙකු සහ ඔවුන්ගේ ගෝලබාලයන් පනහකට ආසන්න පිරිසක් සිය ගම්බිම් අතහැර ගොස් ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

මෙසේ පලා ගොස් ඇති වැඩි පිරිසක් දකුණු පළාතේ සහ  බස්නාහිර පළාතේ   අය වෙති.

එසේම මෙම පාතාලකරුවන් පස්දෙනා සමග කිට්ටු සබඳතා පැවැත්වූ බව කියන විදේශයන්හි සිටි  තවත් පාතාල නායකයන් තිදෙනකු  වෙනත් රටවලට පලා ගොස් ඇතැයි පවසන එම ආරංචි මාර්ග එසේ පලා ගොස් ඇති පාතාලකරුවන් සම්බන්ධයෙන්ද පොලීසිය විමර්ශන  ආරම්භ කර ඇතැයිද  ප්‍රකාශ කළේය.

කෙහෙල්බද්දර පද්මේ සහ  කුඩු සලිදු ඇතුළු පාතාලකරුවෝ  පස්දෙනා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන පසුගියදා මෙරටට රැගෙන එනු ලැබූහ. විමර්ශන නිලධාරීහු  ඔවුන් තැන් කිහිපයක රඳවා ප්‍රශ්න කරමින් සිටිති.



අදහස් (6)

පද්මේලා එක්ක හාදකම් පෑ හිටපු මැති ඇමති රොත්තක් ගැනත් විමර්ශන

උකුස්සා Saturday, 06 September 2025 01:57 PM

හැම තක්කඩි වැඩක් පිටිපස්සේ පොහොට්ටුව මේක මහා පිළිකාවක් වගේ දැන් ඒක සක්සුදක් සේ පැහැදිලියි අරුන්ගේ වමාරනය එක්ක තවත් පැහැදිලියි. තවත් එනවා ආණ්ඩුව මර්දනය ගැන කියන්න.

:       13       59

BBC Saturday, 06 September 2025 03:00 PM

දකුණ නම් අම්මොහ් !!! මුන් දැන් අනික් පැතිවලට හොරෙන් රිංගල ඒවත් විනාශ කරනවා...

:       4       32

කපුරුහාමි Saturday, 06 September 2025 03:17 PM

බලලෝබී බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවෝ පාතාලකාරයෝ එක්ක හාදකම් පවත්වපු හැටි දන්නෝ දනිති. ඔවුන්ව ආරක්ෂා කළා. ඡන්ද ව්‍යාපාර කරගෙන් ගියා. කඩාකප්පල්කාරී වැඩවලට යොදා ගත්තා. සුදුවෑන් ඝාතන අතුරුදහන් පිටිපස්සේ ඉන්නෙත් ඒ අය...

:       1       21

Asela Saturday, 06 September 2025 03:39 PM

පුදුම වෙන්න දෙයක් නැහැ... ජාතියේ අප්පච්චි ඔය පක්ෂය හදුවේම රටේම ඉන්න මැරයෝ... කුඩු මුදලාලිලා, කසිප්පු මුදලාලිලා, හොරු , වංචා කාරයෝ සහ තවත් අපරාද කාරයෝ ටික එකතු කරලා... පුදුම වෙන්න ඕනේ ඔය පක්ෂෙට රටේ පාලන බලය දෙන්න ඕනේ කියාගෙන මිනිස්සු ටිකකුත් ඉන්නවා දැක්කාම...

:       5       32

Jagath Saturday, 06 September 2025 05:41 PM

මෙම මෝඩ සජිත් පොහොට්ටුව සමග එකතු වී . තිබුණු චන්ද ටිකත් අහිමි වුණා. හරි විපක්ෂ නායකයෙක් නම්, ඔය හොර මුල තනි කරලා පහර දෙන්න ඕන

:       0       1

pakeer Saturday, 06 September 2025 06:20 PM

තුම්මුල්ලේ පත්මේ ගෝනවල සුනිල් සොත්තු උපාලි මේ හැමෝම දේශපාලකයන්ගේ යාලුවෝ මල්ලි ජේආර්ගෙන් පටන් ගත්ත පාතාලය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 52 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2006 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site