IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පුත්තලමේ ලුණු මෙට්‍රික් ටොන් 25,000 ක් ගංවතුරට යයි

 (හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මහ වැස්ස හේතුවෙන් පුත්තලම  ලුණු ලේවායන් තුළ ගබඩා කර තිබු ලුණු මෙට්‍රික් ටොන් 25,000 කට වැඩි ප්‍රමාණයක් දිය වි විනාශ වී ඇති බව ශ්‍රී ලංකා ලුණු නිපදවන්නන්ගේ සංගමයෙ සභාපති රනිස් බදුර්දීන් මහතා පවසයි.

පුත්තලම ලුණු නිපදවන්නන්ගේ සංගමයෙ ප්‍රධාන කාර්යාලයෙ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රනිස් බදුර්දීන් මහතා පවසන්නට විය.

එහිදි අදහස් දක්වමින් කරුණු ඉදිරිපත් කළ ඔහු පවසා සිටියේ පුත්තලම ලුණු නිපදවන්නන්ගේ සංගමයට අයත් ලේවාවල පමණක් ගබඩා කර තිබු මෙට්‍රික් ටොන් දස දහසකට වැඩි තොගයක් ගබඩා කර තිබු ගබඩා වලට ගලා ගෙන ආ ජලය හේතුවෙන් විනාශ වුනා.

ඒ වාගේම පුත්තලම,වනාතවිල්ලුව,මුන්දලම කල්පිටිය ප්‍රාදේශ වල පුද්ගලික ලුණු වගා කරුවන්ගේ අස්වැන්නෙන් තවත් මෙට්‍රික් ටොන් දහ දහසකට වැඩි  ප්‍රමාණයක් ජලයට මුසු වෙලා හානි වෙලා.

එයට අමතරව පුත්තලම ලුණු සමාගම හා තවත් මහා පරිමාන ව්‍යාපරිකයින්ගේ ගබඩා කර තිබු ලුණු තොග මෙට්‍රික් ටොන් 5000 කට වැඩි ප්‍රමානයක් විනාශ වෙලා.මේ අනුව පුත්තලම ලුණු නිෂ්පාදනයට ලොකු හානියක් වෙලා එයින් සිදුව තිබෙන පාඩුව රුපියල් කෝටි 120  කට වැඩියි.

ඒ වාගේම මේ වන විට මෙම කර්මාන්තයට දරුණු හානි එල්ලවි තිබේනවා.ලුණු ලේවායන් හා එහි යටිතල පහසුකම් මුළ සිටම ආරම්භ කරන තත්වයට ඇතැම් ලේවායන් පත්වෙලා.මාර්ග පද්ධති විනාශ වෙලා.මේ නිසා නැවත මෙම කර්මාන්තය ආරම්භ කරන්න විශාල මුදලක් වැය වෙනවා.ඒ සදහා රජයට අපි ඉල්ලීම් කරනවා අදාල සහන ලබා දෙන්න කියලා‘



අදහස් (5)

පුත්තලමේ ලුණු මෙට්‍රික් ටොන් 25,000 ක් ගංවතුරට යයි

wedage Thursday, 11 December 2025 09:49 AM

ලුනු ග්‍රෑම් 400ක් ගන්න රුපියල් 110 ඕන නේ. ලාබෙට දුන්නා නම් හරි

:       0       5

ledage Thursday, 11 December 2025 01:57 PM

කීයටද ඕන?

:       0       0

Marikkar Thursday, 11 December 2025 01:17 PM

මෙය සිදු වූයේ ඇයිද යන්න මෙම වංචාවේ හිමිකරු හොඳින් දනී. මෙම අහිමි වීමෙන් ඔවුන් පාඩමක් ඉගෙන ගන්නේ නම්, මිනිසුන්ට සහ අනෙක් සියල්ලන්ටම ප්‍රයෝජන ගත හැකිය.

:       0       0

සෙනෙවිරත්න Thursday, 11 December 2025 01:21 PM

පහුගිය දවසවල කළදුටුකල වල ඉසගැනිල්ලට රිටන් එක ස්භාව ධර්මයා විසින් කළාද?

:       0       0

Sugathapala Thursday, 11 December 2025 06:01 PM

ආණ්ඩුව ආවෙ කවදාද එදා සිට ලුණු වලට හානි වෙනවා රටිනුත් ගෙනේවි. ඒත් කන්නනේ බැරි දේවෝ වස්සතු කාලේන...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site