
සිංහල අලුත්අවුරුදු චාරත්‍රවලට අනුව 8.57 පුන්‍ය කාලය උදා විය.
පස්වරු 08.57 සිට හෙට පූර්වභාග 09.45 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන ඉරිදා අපරභාග 08.57 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසුයි.
පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් මස 14 වන සඳුදා පූර්වභාග 03.21 සිට 14 වන සඳුදා පූර්වභාග 09.45 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදි නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.
ආහාර පිසීම
අප්‍රේල් මස 14 වන සඳුදා පූර්වභාග 04.04 ට තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබතක් ද කැවිලි වර්ගයක්ද කිරි සහ විලඳ ද පිළියෙල කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කීරිම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්වභාග 06.44 ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd