
(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවේ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන , අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් '' පොඩි ලැසී " ඉන්දියාවේ සිට මෙරට විශේෂ පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් අද(27) කටුනායක ගුවන් තොටුපොළට රැගෙන විත් තිබේ .
රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර පොලිසියේ මැදිහත්වීම මත ඉන්දියාවේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබූ " පොඩි ලැසී " මෙරටට රැගෙන ඒමට හැකි වී තිබේ.
2024 වසරේ 12/09 දින ඇප ලබා ගැනීමෙන් පසුව ඉන්දියාව වෙත මුහුදු මගින් පළා ගිය පොඩි ලැසී , 2025 වසරේ ජනවාරි මස ඉන්දියාවේ මුම්බායි නුවර දී එරට ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
පොඩි ලැසී අද (27) දින අලුයම 05.55 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .
මෙසේ රැගෙන ආ පොඩි ලැසී වැඩිදුර විමර්ශන කටයුතු සදහා ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වෙත භාර දීමට කටුනායක ගුවන් තොටුපොළේ සිට දැඩි රැකවල් මධ්‍යයේ රැගෙන ගියහ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය තමයි අපරාධකාරයින් උඩ දාන්නේ...
බන්දුට දැන් ගත්තු සල්ලි ටික ආපහු දෙන්න වෙයිද?
අමතර විස්තර දීමෙන් තවත් විනාශකාරී දේ කරන්නට ඔවුන්ට සහාය ලැබේ...
මට නම් මෙම නීතිය තේරෙන්නෙ නෑ... ප්‍රබල අපරාධ කාරයෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් කියලා තමයි කලිනුත් ඇල්ලුවේ... කව්ද ඇප දුන්නේ? මන් යොජනා කරනවා මෙම නීතිය සංශෝධනය කළයුතුයි කියලා... අපේ මගේ හිටිය හොරෙක් හැබැයි කවදාවත් ගමෙ කෙනෙකුගේ දෙවල් හොරකම් කරලා නෑ. මිනිහා අවුරුදු ගානකට සැරයක් තමයි දකින්න ලැබෙන්නේ වැඩිපුරම ඉන්නේ හිරේ ... මට හරි පුදුමයි ඒ කාලේ පොලිස් නිලධාරීන් කොහොමද මේවා ඔප්පු කරලා හොරුන්ට දඩුවම් කළේ? අද කාලේ ගෙදර ගෙට්ටුව ළගට ගියාම පේනවා කෝටි 15ක් වටිනවා. ගෙදර කියලා හැබැයි ගෙදර අයිති කාරයාගේ මාසික වැටුප රුපියල් 60000 ක් නඩුවක් දැම්මාම ඔප්පු කරන්න කියනවා. ඉතින් කොහොමද හොරු අල්ලන්නේ?