
(මනෝප්‍රිය ගුණසේකර)
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති අධිචෝදනා පත්‍රය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ගොනු කර තිබූ අභියාචන පෙත්සම නිෂ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණයට නියෝග කළේය.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ මහත්ම මහත්මීන් හමුවේ නඩුව විභාග කෙරිණී.
2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාර ලෙස රිය පදවා තරුණයකු බරපතල අනතුරට ලක් කිරීමේ සිද්ධියට අදාල සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් සිද්ධිය වන අවස්ථාවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ එවක වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල නමැත්තන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත.
නීතීපතිවරයා අධිචෝදනා ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි හෙයින් එය බලරහිත කර තීන්දුවක් දෙන්නැයි ඉල්ලා විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයිද පසුව කොළඹ මහාධිකරණයේ එම තීන්දුව නීතියට පටහැණි බවට තීන්දු කරන්නැයි ඉල්ලා පාඨලි චම්පික රණවක මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළත් අභියාචනාධිකරණය එම පෙත්සම නිෂ්ප්‍රභ කර ඇතැයි පෙත්සමේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
648
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
313
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාඨලීගේ පෙත්සම විසි වෙයි