(අංජුල මහික වීරරත්න)

නොවැම්බර් මස අස්වැසුම ප්‍රතිලාභ අද (27)බැංකු ගත කර ඇතැයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

​නොවැම්බර් මස අස්වැසුම ප්‍රතිලාභ ලබන අන්ත දුප්පත් කාණ්ඩයට අයත් පවුල් ප්‍රමාණය 381369 ක් වන අතර දුප්පත් කාණ්ඩයට අයත් පවුල් 635761 ක් වේ. 

මෙම මස අස්වැසුම ප්‍රතිලාභ ලබන මුළු පවුල් ප්‍රමාණය 1,017,130 කි. මේ සඳහා රුපියල් කෝටි  1214 අද  අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම්වලට බැර කර ඇත.

​ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපළේ ඛනිජ තෙල් මිල ඉහළ යාමෙන් මෙරට ජනතාවගේ එදිනෙදා ජීවිතයට වන බලපෑම අවම කිරීම සඳහා හදිසි සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කර ඇත. 

ඒ අනුව අන්ත දුප්පත් කාණ්ඩයේ මාසික අස්වැසුම දීමනාව වන රු. 17,500 ට අමතරව රු. 3,000 ක අතිරේක දීමනාවක් ද දුප්පත් කාණ්ඩයේ මාසික අස්වැසුම දීමනාව වන රු. 10,000 ට අමතරව රු. 2,000 ක අතිරේක දීමනාවක් ද මෙම මස ගෙවීමට කටයුතු කර ඇත.