IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පුංචි ආණ්ඩුවල සජබ - එජාප එකතු වේ

(නිමල කොඩිතුවක්කු)

පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතරය ලබා දී ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකඟතාවය පළ කරනු ලැබීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද (19) පැවති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය මෙම එකගතාවය පළ කරනු ලැබීය.

එහිදී සමග ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරල යන මහත්ම මහත්මීන් මේ සඳහා වන ඒකාබද්ධ නිවේදනයකටද අත්සන් තැබූහ.

විපක්ෂයේ අනෙකුත් පාර්ශ්වයන් සමග එක්ව මෙම සභාවල බලය පිහිටුවීම සඳහා වන එකඟතාවයකටද එහිදී පක්ෂ දෙකේ මහා ලේකම්වරුන් එළඹින.

මෙම හමුව සඳහා එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, නියෝජනායක රුවන් විජයවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක, සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (12)

පුංචි ආණ්ඩුවල සජබ - එජාප එකතු වේ

Achi Monday, 19 May 2025 12:44 PM

අන්තිමට හොරු එකතුවෙන්නේ නැහැ කියලා කිව්වාට දැන් හොරු සෙට් එකම එකතු වෙලා...

:       22       56

shaf Monday, 19 May 2025 12:57 PM

සජිත්ලා ඡන්දෙ කාලේ කියලා තියෙන්නේ ... බොරුම කියලා ඔප්පු කළා... ඉතින් කොහේ ජනාධිපති වෙන්නද 2029?

:       16       55

ගුණරත්න Monday, 19 May 2025 01:46 PM

ගොඩාක් හොඳයි. එකතු වෙන්න. මේ එකම පක්ෂයක් නිසා එකතු වෙන්න ලේසියි, එකතු වෙලා මේ කරුමක්කාර ආණ්ඩුව පන්නලා දාන්න...

:       50       23

AsinthaMonday, 19 May 2025 07:25 PM

මාරුවෙන් මාරුවට රට පාලනය කරලා තමයි රටට මේ වගේ කලක් ගියේ ගුණරත්න මහත්තයෝ !!! කරුමක්කාර මේ ආණ්ඩුව නෙමෙයි. ඔබතුමා වගේ පාට කන්නාඩි දාගෙන දේශපාලනය, ඡන්දෙට කතිර ගහන මිනිස්සුන්ගේ ආකල්පයි!.

:       3       9

ප්‍රියා Monday, 19 May 2025 01:51 PM

වික්‍රමසිංහ, රජපක්ෂ බේරා ගැනීමට සජිත් මද්දුමබණ්ඩාර දංගෙඩියට...

:       9       28

kamal Monday, 19 May 2025 02:00 PM

වැලේ වැල් නැතුව ඉඳලා අන්තිමට සජිත් ළඟට ගිහින්.

:       7       29

ඒ.එම්.ඒ. කුමාර Monday, 19 May 2025 02:09 PM

මේ අර පහුගිය චන්ද කාලේ මගේ ළඟ ඩීල් නැත, මම කිසිම දවසක එජාපය, පොහොට්ටුව සමග එකතු වෙන්නේ නැත කිව්ව සජිත්ද?

:       3       35

ගමේ එකාලා Monday, 19 May 2025 02:58 PM

හිටපු දූෂිත දේශපාලුවෝ රටම හොරාකාලා කාබාසිනියා කරනකම් බලාගෙන හිටපු උන්, දැන් බලය ගන්න එකතුවෙලා. කිසිම සදාචාරයක්, ලැජ්ජාවක් නැති අය ගැන කවර කතාද?

:       4       20

කුකුල් චමින්ද Monday, 19 May 2025 03:03 PM

ගුණාපාලයෝ, ප්‍රාදේශීය සභාවක පක්ෂ දෙකක් එකතුවෙලා, රටක මහ ආණ්ඩුවක් පන්නන්න ප්‍රතිපාදන තියෙන්නේ ව්‍යවස්තාවේ මොන වගන්තියේද? මේ වගේ ආතක්-පාතක් නැති අය තමයි, තවත් රටට කෙළවන්න, රටකාපු තක්කඩි හතිකරේට කඩේ යන්නේ...!

:       5       19

Nandalal de Silva - France Monday, 19 May 2025 03:05 PM

මාළිමා රජයට දැනෙන්න විශාල ඇණයක් ගහලා, හොඳ පොල්ලක් තියන්න වගෙයි මෙ කට්ටිය ලෑස්ති වෙලා ඉන්නේ ... පව් ... අනේ ... පව් !

:       3       12

prasanna Monday, 19 May 2025 03:46 PM

එළකිරි...!

:       10       6

සුරංගොඩ Tuesday, 20 May 2025 06:05 AM

2024 ජනාධිපතිවරණය වෙලාවෙ සජිත්ට ඕක කරන්න පුලුවන් වුනානම් අද අගමැති කවුද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 666 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site