
(සම්පත් ජයලාල්)
මැතිවරණ ඉතාහාසයේ සිටම ඡන්ද මධ්‍යස්ථානයක ලෙස යොදා ගත් නුවරඑළිය රජයේ සේවකයන්ගේ ක්‍රීඩා සමාජ ශාලාව පෞද්ගලික ව්‍යාපාරිකයකුට අවන්හලකට සඳහා බදු දීම නිසා මෙවර ඡන්දය මධ්‍යස්ථානයක් අහිමී වී ඇතැයි මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග කියයි.
අංක 5 හාවාඑළිය උතුර මැතිවරණ මධ්‍යස්ථානය ලෙස යොදාගත් එම ගොඩනැගිල් වෙනුවෙන්මැතිවරණ නිලධාරින් මේ වන විට එම ඡන්ද කොට්ඨාශය සඳහා වෙනත් ගොඩනැගිල්ලක් සොයමින් සිටින බව ද දැනගන්නට ඇත.
මෙතුවක් කල් ඡන්දය පැවැත් වූ පැරණි ගොඩනැගිල්ල, නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය පෞද්ගලික ව්‍යාපාරිකයකුටවසර 20 ක කාලයක් සඳහා බදු දීමයි.
මෙරට පාලනය කළ එංගලන්ත ඡාතිකයින් එම ගොඩනැගිල්ල 1941 වසරේදි ඉදි කර ඇත්තේම, රජයේ සේවකයන් සඳහා ක‍්‍රීඩා සමාජ ශාලාවක් ලෙසය.
එය වර්ෂ ගණනාවක් පුරාම ක‍්‍රීඩා සමාජ ශාලාවක් ලෙස පැවති අතර, විවිධ වකවානුවල රජයේ මුදල් විශාල වශයෙන් යොදවා ගොඩනැගිල්ල නවීකරණය කිරීමටත්, අවශ්‍ය කායවර්ධන උපකරණ මිලදි ගැනීමටත් විශාල මුදලක් වැය කොට තිබුණි.
එම ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීම හේතුවෙන්, එහි තිබු ක‍්‍රීඩා උපකරණ ගලවා ඉවත් කර ඇත.
එසේම රක්ෂිතයක් ලෙස පැවතින එම භුමියේ කබානා ඇතුළු වෙනත් ඉදිකිරිම් සඳහා ඉපැරණි ගස් ඉවත් කිරීම සඳහාද අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ.
COMMENTS
හොඳ ආයෝජනයක් වගේ...
හා හා ඕක ගණන් ගන්න එපා. රටේ කෑලි කෑලි පිටරටට විකුණලා ඒවා සාධාරනීකරණය කරන පාලකයෝ රට පාලනය කරන කොට ඕවා සුළු දේවල්...
ඕවා වෙන්නේ දේශපාලකයින්ගේ උවමනා එපාකම් වලට අනුවයි
වර්තමානයේ ශ්‍ර්‍රිලංකා පරිපාලන සේවයේ පිරිහීම උපරිමයෙන් පෙන්වන අවස්ථාවක් කියලා කියන්න පුළුවන් , දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු වෙනුවෙන් තේරීම්භාර නිළධාරි වෙන්නෙ දිසාපති නැත්නම් දිස්ත්‍රික් ලේකම් වරයා තමයි. ඉතින් ඔහු විසින්ම ඔහුට පැවරුණු වලට බාධා සිදුවන බව නොසලකා මෙන්ම දුරදිග නොබලා පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන්ම රාජකාරි කටයුතු වලට අවහිරකම් කරනවා නම් ඒ ගැන කියන්නෙ කාටද අනවධානයෙන් කටයුතු කල ඔහුටත් දිස්ත්‍රික් මැතිවරණ කාර්‍යාලයේ ප්‍රධානීන්ටත් විනයානුකූලව දඩුවම් දියයුතුය
රාජ්‍ය ආයතන පුද්ගලික අංශයට දෙමු. එතකොට ඒව මැතිවරණ රාජකාරි කටයුතු වලට ගන්න කීයක් හරි ගෙවන්න වෙනව. ගත මනාව අතේ.
මේක කරන්න ඇත්තේ මේ රජයේම එක්තරා ඇමතියෙක් ගේ උවමනාවට , ලොකූ කොමිස් කුට්ටියකුත් ගන්න ඇති උන්දැ , හැබැයි මේවගේ කිසිම විස්තරයක් හොයාගන්න හෝ , නීතිය ක්‍රියාත්මක කිරීමක් අපේ රනිල් හාමු ඉන්නකන් කාටවත් කරන්න ලැබෙන්නේ නැහැ
අවුරුදු පහකට වරක් තියෙන ඡන්දෙ වෙනුවෙන් රජයේ ගොඩනැගිල්ලක් තියාගන්න ඕනෑද ? මේ ගොඩනැගිල්ල බදු දුන්න එක අගය කළ යුතුය.
දවස් 365 ම චන්ද තියෙනවාද? මේ වාගේ දේවල් ප්‍රවෘතියක් ලෙස දකින්නන් අංගොඩ යවන්න ඕනේ.