IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


නව පත්වීම් ලැබූ රාජ්‍යතාන්ත්‍රිකයෝ අගමැති හමුවෙති

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව වෙනුවෙන් නව පත්වීම් ලැබූ  මහකොමසාරිස්වරු, කොමසාරිස්වරු සහ තානාපතිවරු  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (19) හමුවූහ.

ඉන්දියාව සඳහා  පී.එම්. කොලොන්නේ, නිව්යෝර්ක්  සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජයන්ත ජයසූරිය, කියුබාව සඳහා ආර්. එම්. මහින්දදාස රත්නායක, පාකිස්ථානය වෙනුවෙන් විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්රෙඩ් සෙනෙවිරත්න, ජපානය සඳහා මහාචාර්ය පී. ජානක කුමාරසිංහ, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා මහාචාර්ය අරූෂා කුරේ, එක්සත් රාජධානිය සඳහා එස්. ඩී. එන්. යූ. සේනාධිර යන මහත්ම මහත්මීහු මහකොමසාරිස්වරු , කොමසාරිස්වරු සහ තානාපතිවරු ලෙස පිටත්ව යාමට නියමිතය.

නව තානාපතිවරුන් සහ කොමසාරිස්වරුන් සිය ධූරකාලය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන කරුණු පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරිය දැනුවත් කිරීමට ද කටයුතු කළ අතර අග්‍රාමාත්‍යතුමිය එහිදී  සුභ පැතුම් පළ කළාය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, විදේශ කටයුතු අමාත්‍යංශයේ මානව සම්පත් සහ මෙහෙයුම් කළමනාකරණය පිලිබඳ අධ්‍යක්ෂ ජනරාල්  සුමිත් දසනායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (5)

නව පත්වීම් ලැබූ රාජ්‍යතාන්ත්‍රිකයෝ අගමැති හමුවෙති

Asela Monday, 19 May 2025 07:32 PM

මොනවා කියන්නද? හිටපු ප්‍රධාන විනිසුරුවරයා NPP පාලනයේ දේශපාලන කූඩයට වැටිලා. NPP ගැන කුණුහරප ලියන සියලුම මහාචාර්යවරු දැන් තානාපතිවරු. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා මුස්ලිම් තානාපතිවරයෙකු තෝරා ගැනීම කළ යුතුයි. රාජ්‍ය තාන්ත්‍රික පත්වීමක් නොව දේශපාලන පත්වීමක් වගේ...

:       13       14

ගුණරත්න Monday, 19 May 2025 07:34 PM

මේ ඔක්කොම විදේශ සේවාවේ ප්‍රවීණයෝ නේද, හරි හොඳයි ඉතින්...

:       4       10

ව්පරමා Monday, 19 May 2025 07:42 PM

රාජ්‍ය ත්‍රාන්තික කිසිම දැනුමක් නැති දේසපාලුවන්ගේ හෙන්චයියන්, ගායක ගායිකාවෝ, වැඩකට නැති හාල්පාරුවෝ තමා මීට කලින් පත් වුනේ? මෙවර උගත් හරිහමන් පිරිසක් තෝරා පත් කරගත් බවක් පේනවා...!

:       7       23

රසිකTuesday, 20 May 2025 01:15 AM

අනේ විපරමෝ පේන්නෙ නැද්ද හිටපු අග විනිසුරුටත් පත්වීමක් දීපු එක කලගුන සලකන්න? මොකද්ද වෙනස? කලින් ගියෙත් ආචාර්ය නලින් ද සිල්වා, මහාචාර්ය ගංගනාත් වගේ උගතුන් තමයි. ලැජ්ජ නැද්ද ?

:       4       1

Lakminda Tuesday, 20 May 2025 10:39 AM

රට වෙනුවෙන් අමිල මෙහෙවරක් කිරීමට සැමට හැකියාව ලැබේවා. නිමල් සේනාධීර සර්ට උණුසුම් සුභ පැතුම්!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1979 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 621 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 705 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site