IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


නිලධාරීන් මොන දේශපාලන මතයේ හිටියත් අපට කමක් නෑ

(අංජුල මහික වීරරත්න)

නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය  සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.

නමුත් ජනවරම අවබෝධ කරගනිමින් රට දිනවීමේ ජාතික වැඩසටහන සමග එක්ව කටයුතු කිරීම ඔවුන්ගේ වගකීම බවද අමාත්‍යවරයා කීය.

දිවයිනේ මාර්ග පද්ධතිය වැඩිදියුණු කර, පොදු ප්‍රවාහන සේවාව කාර්යක්‍ෂම කිරීමේ වැඩසටහන සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව නිලධාරීන් දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.

රත්නපුර නගර සභා ශ්‍රවණාගාරයේ දී මෙය පැවැත්විණ.

දැනට අතරමග නවතා දමා ඇති රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර කඩිනමින් නිම කිරීම, දුම්රිය මාර්ග ව්‍යාපෘතිය, බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සහ රත්නපුර නගරාශ්‍රිතව විකල්ප මාර්ගය සැලසුම් කිරීම ආදී සංවර්ධන ව්‍යාපෘති රැසක් පිළිබඳ ව මෙහිදී සාකච්ඡාවට ලක් විය.



අදහස් (4)

නිලධාරීන් මොන දේශපාලන මතයේ හිටියත් අපට කමක් නෑ

Nilantha Monday, 21 April 2025 06:20 PM

නිලධාරින් මොන දේශපාලන මත දැරුවත් අපට කමක් නැහැ. ඒත් ඇමැතිතුමා රජයේ නිලධාරින් පාලනය සඳහා පවතින ආයතන සංග්‍රහයේ දෙවැනි කොටසේ පළමු පරිච්ඡේදය (XLV 11) අනුව සෑම නිලධාරියෙක්ම කටයුතු කළයුතු බව මතක් නොකිරීම සුදුසු නැහැ. එම පරිච්ඡේදයේ 1:1 වගන්තියේ පූර්ණ පක්ෂපාතිත්වය දැක්විය යුතු බවත් 1:2 වගන්තියේ පවරනු ලබන ඕනෑම රාජකාරියක් ඉටුකළ යුතු බවද දක්වා තියෙනවා. එනිසා අනෙක් අවස්ථාවකදී හෝ ඒ බව අමතක නොකරම කියන්න. රජයේ සෑම නිලධාරියෙක්ම ආයතන සංග්‍රහයේ වගන්ති අනුව කටයුතු කිරීමට බැඳී සිටිනවා..

:       0       0

Raman Monday, 21 April 2025 09:39 PM

එතකොට මේ අය විපක්ෂයේ ඉන්නැද්දී රජයේ නිලධාරීන් වැඩවර්ජන වලට යොමු කරලා ඒ කාලයේ තිබුණ ආණ්ඩු වලට වැඩසටහන් ගෙනියන්න ඉඩ නොදීපු එක ගැන මොකද කියන්නේ? ඒ ආණ්ඩුවලට තිබුණේත් ජනවරමක් නෙවෙයිද?

:       0       0

Perera Tuesday, 22 April 2025 08:22 AM

මොන දේශපාලන මතයක් හිටියත් , රාජ්‍ය සේවකයෙකු ලෙස තමන්ගේ රාජකාරිය දේශපාලන මතවලින් පරිභාහිරව, කඩාකප්පල් කාරී ක්‍රියා වලින් තොරව, නිරපේක්ෂව ඉටු කළ යුතුයි. ඒ විදිහට කරන්න බැරි නම්, තනතුරු නිලතල අතහැර ගෙදර යා යුතුයි.

:       0       3

PGPThilak Tuesday, 22 April 2025 08:49 AM

දූෂිත නිලධාරීන් සමග මේ ගමන යන්නබෑ ! මේ කාලය කා දමමින් අනාගතය කාබාසිනියා කරන ක්‍රමයක්! ඔය දූෂිත නිලධාරීන් වෙනූවට හරි මිනිස්සු ටිකක් වත් දාන්න ඔයාලට හැකියාවක් නැත්ද? නැතිනම් නිලධාරීන්ට බයද? අපට බය රාජපස්ස කල්ලි යලිත් වරක් බලයට ඒම ගැනයි!

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 644 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 918 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 1069 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 304 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 1677 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 589 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 152 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1178 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site