නාගයකු ළග තබා ගත් බවට නයි නළගන නමින් ප්‍රකට නිරෝෂා විමලරත්නට (දිලානි) පොලිසියෙන් ඉදිරිපත් කිරීමට යන චෝදනා පත්‍රයට කිසිදු නීතීමය පදනමක් නැති හෙයින් ඊට අනුමැතිය නොදෙන්නැයි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්ෂකුලරත්න මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගෙන් ඉල්ලා සිටියේය.
ඇය වෙනුවෙන් ඔහු ලිඛිත දේශන ඉදිරිපත් කැරමින් කරුණු දැක්වීය.
ඒ සම්බන්ධයෙන් තම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මහෙස්ත්‍රාත් විසින් ලබන 26 වැනිදාට කල් තැබිණි.
නිරෝෂා විමලරත්න මෙනවියද උසාවියට පැමිණ සිටියාය. නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කිරීමේ පොරොන්දුවක් මත නයාද ඇයට භාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත නේන්නම් . එහෙනම් රටපුරාම ඉන්න නයි නටවන්නොත් අල්ලාගෙන එන්න එපායැ. කිසිම අහිකුණ්ඨිකයෙකුට ගැලවීමක් නැහැ. අනේ අපේ පොලිසියට වෙන වැඩ නැද්ද? (නි)
රටේ හැමතැනම හොරකම් මැරකම් දුෂණ තිබියදී මේ ප්‍රශ්නයත් ඇත්තටම ප්‍රශ්නයක්ද? (නි)
හැබැයි අන්න කියනවා නම් දැන් තමයී ඒකට වෙලාව.(නදී)
පොලිසියට වෙන වැඩ නැහැනේ කොහෙවත් යන නයෙකුයි කෙල්ලෙකුයි අල්ලන් දගලන්නේ?පොලිසිය කොහොමත් මේ නඩුව පරදිනවා .නයි නංගි නඩුව දින්නොත් පොලිසියට වන්දිත් ගෙවන්න වෙනවා. පොලිසිය නෝන්ඩිය නිසා නඩුව පරාද බව දැන දැනත් නඩුව දිග්ගස්සමින් කල් මරනවා වැඩේ ශේප් කර ගන්න .නයි නළගන කයිද රෝස් පාන් කිව්වලු.(නදී)
ගොඩක් ප්‍රශ්න රටේ තියෙනවා. පාන් ගොඩියක් ගන්න පාන් කඩේ ලග නැවත්තුවත් පොලිසියෙන් ලියනවා නේද?(නදී)
පිස්සෙකුට නඩු දාන්නෙ? අරෙහෙ රෝහලක්ම තියනකොට යවන්න.(නදී)
හලෝ ගොඩක් කලකීන්, කොහොමද ?(නදී)
එස්.එස්.සී පාස් නම් නඩු දාන්න බෑ.(නදී)
ඔන්න ඔහේ නයාවත් රාජසන්තක කරලා දාන්න මහත්තයෝ. (නි)
අපි ජීවත් වෙන්නේ පුදුම රටක. මේකට ජනාදිපති නීතිංඥ නෙමෙයි 5 දෙනෙක් ගෙන් යුතු කමිටුවක් පත් කරන්න ඕනේ. අපරාද නඩු අවරුදු 20 ක් ඇදෙනවා. මේ ළමය මිනි මරල නැහැ. වැඩක් නැතිවට කරන වැඩ. (නදී)
මම ඒත් බැළුවා මේයා ගැන විස්තරයක් නැත්තේ ඇයි කියලා.(නදී)
ඔය නයි නළගන කැමති නයින්ට විතරද? (නි)
උසාවියට නයාවත් ගෙනල්ලද? (නි)
මේ වගේ අතිශය වැදගත් නඩු වලට ජනාධිපති නීතිඥචයෙක් දාන්නම ඕනේ. හැබැයි රතුපස් වල ප්‍රශ්නය වගේ ඒවාට නම් එහෙම කෙනෙක් නැති උනාට කමක් නැහැ. මෙයාගේ ඔච්චර මොනවා තියෙනවද මන්දා හැම දාම ලියන්න.(නදී)
මොකෝ මේ පාර පින්තුරයක් නැත්තේ. දාන්න බලන්න හොද එකක්.(නදී)
අරහේ වරෙන්තු පිට ඉන්න යකඩ හොරු නිදහසේ, අනේ මේ නයෙක් අල්ලාගෙන දගලනවා. කාට කියන්දෝ මේවා. (නදී)
අනේ! කව්රුහරි මේ නංගිව දාලා ෆිල්ම් එකක් කරන්නකෝ. (නි)
මේ ගෑනු ළමයාට නඩු දාන එක නොවෙයිනේ කරන්න තිබුණේ. නාගයෙක් වැනි විෂඝෝර සර්පයෙක් හිලෑ කර ගත් ක්‍රමය අනෙක් අයටත් කියාදෙන්න ටියුෂන් පන්තියක් දාන්න කියා ඉල්ලන්නයි තිබුණේ. (නි)
මේ පිස්සු කෙල්ල ගැන ආයෙත් පටන් ගත්තද ? කරුණාකර පිස්සු කෙල්ල ගැන නොලියන්න .මේ වගේ අය රටටම කරුමයක්.(නදී)
නයි නැඟී අල්ලන් පොලිසිය දගලන්නේ. ඔය පලාත් සභා , පාර්ලිමේන්තු, ප්‍රාදේශීය සභා කාරයෝ ලග ඕනෑ තරම් නඩු දාන්න හේතු තියෙනවා. උන් නිදැල්ලේ.(නදී)
මට නිකන් පිස්සු වගේ. (නි)
පුප්පා පෙනේ අද පෙන්නා උඹේ වැඩ නටපන් නයි නංගී.(නදී0
මෙයා ගැන කතා කරන්න ගියොත් ගොඩක් දේවල් තිබෙනවා කියන්න. (නි)
ඒ ඇත්තී නයාට ආදරෙයිනේ ආයුබෝවන්. සත්තුන්ට කරුණාව දැක්වීම කොපමණ උතුම් කාර්යයක්ද? (නි)
මේ දවස්වල නයෙක් බේතකටවත් හොයාගන්න නැහැ. මොකද උන් බයේ හැංගිලා නඩුවක් වැටෙයි කියලා. බැරිවෙලාවත් උසාවි යන්න වුණොත් උන්ගේ නිදහසට කරුණු කියන්න හැටියක් නැහැ. (නි)
අනුන්ගේ ගැහැණු ළඟ තියාගෙන ඉන්න දේශපාලු නයි ගැන කතා නැහැ. නයාව තියා ගත්ත ගැහැණු ළමයා ගැන තමයි රුදාව. මේ පව්කාර මිනිසුන් ට වඩා විෂ ඝෝර නයි හොඳයි කියල හිතෙනවා.(නදී)
ඒක තමයි අපි කිව්වේ...පොලිසියට බෑ කිව්වේ... (නි)
කාලෙකට පස්සේ මෙයා ගැන කතාව ආවේ. ඉස්සර නිතරම මෙයාමයි (නි)
මේවා බලන් ඉදලම දැන් ඇතිවෙලා.(නදී)
බල්ලෝ බන්දවන කාලේ නයෙක් ළඟ තියා ගන්න එක වරදක් ද?(නදී)
කොහොමද දන්නෙ නැහැ මෙයාගේ විස්තර? (නි)