
(රෝෂන් තුෂාර)
රංගන ශිල්පී,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ යැයිකියන හඬ පටයක් සමාජ ගත කරමින් ක්‍රිස්තියානි භක්තිකයින් අතර ආගමික වෛරයක් ඉස්මතු කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් "නාමල් කුමාර" සැකකරු ලබන 15දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකා පුර මහත්මිය අද (01) නියෝග කළාය.
සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ සේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
නත්තල් දිනයට පෙර දින (24)රන්ජන් රාමනායකගේ යැයි කියන හඬ පටයක් මාධ්‍ය ඉදිරියේ ප්‍රචාරය කරමින්, ක්‍රිස්තියානි ආගමිකයින් අතර වෛරයක් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි.....
මෙයාව විතාන්තයටම හිරකරන්න
මූ කාගේ ගැත්තෙක් ද කියලා මුලු රටම දන්නවා
මම යනවා සර් පවුල බලාගන්න.. හා හා හා හා හා හා
එතකොට රන්ජන්ට දඬුවමක් නැද්ද?
සුබ දෙයක්
ඔන්න ඕකයි මහ මොලකරුගේ ප්‍රශ්නය
මේ වගේ අය කවදාවත් නිදහස් කරන්න එපා
රාජපක්ෂ රෙජීමයේ සුරතලා. නැවත රාජපක්ෂ රෙජීමය පනගන්වන්න කරන උත්සාහ...
හඬ පට මොහුගේ පමණක් නොවේ, රංජන් ළඟ තිබෙන ඒවත් ගත යුතුයි , එමෙන්ම හිටපු ජනාධිපතිවරුන් ඝාතන සැලැස්මක් කළා කියා අත්අඩංගුවට පත් වුනු පොලිස් නිලධාරීන්ට සාධාරණය ඉෂ්ඨ කල යුතුයි
පසුගිය කාලේ මහා කුමන්ත්‍රණ කරපු කෙනෙක් තවත් රටට විනාශයක් කරන්න තමයි එළියට බැහැලා තියෙන්නේ... මේ අයව හිරේම තියන එක තමයි රටට යහපත...