IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

වෙසක් සිරි නැරඹීමට යමින් සිටි මහජනයාට පීඩාවක් වන අයුරින් මෙන්ම මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් වාහන වලටද පීඩාවක් ඇතිවන අයුරින් අධික ලෙස ශබ්ද නගනිමින් යතුරුපැදි ධාවනය කරමින් සිටියදී මෙම තරුණයන් බණ්ඩාරගම නගරය සහ අවට ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.

අධිබල යතුරුපැදි හතරේ ලියාපදිංචි අංක තහඩු පරික්ෂා කිරීමේදී ඒවා සැකකටයුතු ඒවා බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 



අදහස් (9)

නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි

fairoos Tuesday, 13 May 2025 01:22 PM

පගාව ගන්නේ නැතිව අත්අඩංගුවට ගත්තු එක පුදුමයි.

:       4       12

NPP Tuesday, 13 May 2025 01:29 PM

හරිනේ අමාරුව... අපරාදේ මුදල්...

:       3       9

James banda Tuesday, 13 May 2025 01:51 PM

මේවා රාජසන්තක කරන්න. පාරේ යන්නැති බයයි මේ‍ සිඟිති පාතාල මැරයෝ නිසා...!

:       3       18

mangala Tuesday, 13 May 2025 01:57 PM

ආසාවට ලස්සනට පදින්නේ නැතුව සෙවල පෙරන්න ගියාම ඔහෝම වෙනවා.

:       2       15

Lalla Tuesday, 13 May 2025 02:14 PM

බලමු පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන විදිහ ඔය කාරණාව ගැන...

:       2       10

Kamal Koyrala Tuesday, 13 May 2025 04:39 PM

මේ සඳහා පැදිකරුවන්ට පෙර මේවා රටතුළට පැමිණියේ කෙසේදැයි කියා විමර්ශණය කළ යුතුයි. එතැන් පටන් නීතිය ක්‍රියාත්මක කිරීමයි වැදගත්...

:       1       7

Nandana Tuesday, 13 May 2025 05:33 PM

ඕවා පොලිසියේ ෂෝ... ගම්වලට ගිහින් බලන්න. ඔයිට වඩා 10 ගුණයක් වඩා වටින හොර බයික් තියෙනවා.

:       2       3

Janindu Perera Tuesday, 13 May 2025 07:42 PM

2010 වගේ පිලිපීන් වල නීති විරෝධී වාහන අල්ලලා, නඩු කටයුතු වලින් පස්සේ පේලියට තියලා ප්‍රසිද්ධියේ ඒවා උඩින් ගල් රෝලක් යැව්වා. මේවාටත් එහෙම කළා නම් හරි...

:       4       5

M.D.R Wednesday, 14 May 2025 07:03 AM

කොල්ලෙක්ගෙ බයික් එකක් අල්ලගන්න විතරයි පුලුවන්...වෙන මොනා හරි රටේ හොර වැඩක් අල්ලල ගැම්මෙන් ඉන්න පුලුවන්නම් ගොඩක් හොදයි...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2356 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site