
(අංජුල මහික වීරරත්න)
නීතියේ පිළිසරණ අපේක්ෂාවෙන් පැමිණෙන සියලු දෙනාට එකම ආකාරයට සැලකීම නීති නිලධාරීන්ගේ වගකීම බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව යටතේ දිවයින පුරා නීති ආධාර මධ්‍යස්ථාන වල සේවය කරන නීති නිලධාරීන්ගේ කුසලතා දැනුම ධාරිතාව වැඩි දියුණු කිරීමේ පුහුණු වැඩමුළුවේ සමාරම්භක උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.
කොළඹ සංවර්ධන පරිපාලන ආයතන ශ්‍රවණාගාරයේදී මෙම වැඩමුළුව පැවැත්විණි.
"මුල්‍යම අපහසුතාවයන්ගෙන් යුතු නීතියේ පිළිසරණ අපේක්ෂිත ජනතාව නීති ආධාර කොමිෂන් සභාවට ජනතාව පැමිණෙනවා.ඉවසීම දයාව කරුණාව මුලික කර ගනිමින් ජනතාවට තිබෙන ප්‍රශ්න විසඳිය යුතුයි.
නීතියේ පිළිසරණ බලාපොරොත්තුවෙන් පැමිණෙන ජනතාව මුහුණ දී ඇති ප්‍රශ්න අවබෝධ කර ගනිමින් ඒ සඳහා උපරිම සහාය ලබාදිය යුතුයි. එම පුද්ගලයාට ඇති ගැටළුව අපට වැදගත් නොවුණත් ඒ ප්රශ්නය නීති ආධාර අවශ්‍ය පුද්ගලයාට පවතින විශාලම ප්රශ්නය වෙන්න පුළුවන් යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මගුල් කතා වලින් වැඩක් නැහැ. මිනිස්සු මිනී මරන්න මහා පරිමාණ කුඩු ජාවාරම් කරන්න බිය නැහැ... ඔවුන් බලාපොරොත්තු වෙනවා මිනී මැරුවාම මාස 3 රිමාන්ඩ් එකේ ඉඳලා එළියට ඇවිත් පාතාල කල්ලියක් හදාගෙන කෝටි ගණන් මුදල් හම්බ කරන්න. නඩු වසර 10-15 ඇදෙන නිසා සාක්ෂි කාරයෝ බිය කර එහෙම නැතිනම් මුදල් දීලා ඔවුන්ගේ සාක්ෂි අවුල් කර චෝදනාවෙන් ගැලවෙන්න පුළුවන් බව, ඔවුන්ට උදවු කරන්න වෙනම පෙරකදෝරු සෙට් එකකුත් සැදී පැහැදී ඉන්නවා... අධිකරණ ඇමැති වශයෙන් ඔබගේ වගකීම... මේ මිනීමැරුම් මත්ද්‍රව්‍ය නඩු ඉක්මනින් අහලා ඉවර කරන්න... අලුතෙන් අධිකරණ ඇතිකර, විනිසුරු වරු පුහුණු කර, ශිෆ්ට් දෙකකට හෝ නඩු අසා මේවා පිළිවෙලක් කරන එක... නමුත් ඔබ එවැනි සාධනීය දෙයක් කරන බවක් පෙනෙන්නේ නැහැ. ඔබත් යන්නේ පෙර අධිකරණ ඇමැතිලා ගිය මාර්ගයේ... ඔබ කාලය මිඩංගු කරන්නේ එක එක සමලිංගික පනත් සහ වැඩකට නැති ගෙවල් කුලී පනත් වැනි දේවල් කරන්න... පරණ ආණ්ඩු වල හොරු සැණකෙළි පනවනවා. කරුණාකර මිනිසුන්ට ඡන්දෙට පෙර පොරොන්දු වුණු ආකාරෙට වැඩ කරන්න.
සිල්වාගේ අදහස සම්පුර්ණයෙන් අනුමත කරනවා... ඔය කරන්දෙණියේ සුද්ද කියන මනුස්සයා අර කරන්දෙණියේ හිත හොඳ දොස්තර මරලා රිමාන්ඩ් භාරයට පත්කළ වෙලාවේ ඔහුගේ නඩුව දිගින් දිගටම අසා නිම කලා නම් , ඔහු අතින් පසු කාලීනව සිදුවුණා... ඝාතන අපරාධ සියල්ල සිදු නොවෙන්න ඉඩ තිබුණා. කරුණාකර අමතර අධිකරණ ඇතිකරන්න නඩු කාරයෝ පුහුණු කරන්න.. රස පරික්ෂක දෙපාර්තමේන්තුව දියුණු කරන්න අවශ්‍ය මුදල් වෙන් කරන එක රජය වහාම කළයුතු වෙනවා.. රටක නීතිය නිසිලෙස ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක වෙන එක රටේ දියුණුවට ඍජුවම බලපානවා.
ඇමතිතුමා නිකන් එක එක බොළඳ කතා කියා කියා කාලය ගත කරන්න එපා.. නඩු කල් යන එක රටේ තිබෙන විශාල ප්‍රශ්නයක්... රටේ තිබෙන නීතිය හොඳටම ප්‍රමාණවත්..., ප්‍රශ්නෙකට තිබෙන්නේ නඩු ඉක්මනට අහලා නිම කරන්න අධිකරණ වල අවශ්‍ය විනිසුරුවරු..., අධිකරණ ශාලා වැනි පහසුකම් අද තිබෙන නඩු ප්‍රමාණයට සරිලන ලෙස නැහැ. කරුණා කරලා ක්‍රියාත්මක වෙන්න...